කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබා දී පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කරන විධායක ශ්‍රේණියේ නිලධාරියකුට සේවකයන් ලබාදුන් දඬුවමක් පිළිබඳව අපුරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විධායක ශ්‍රේණියේ නිලධාරියකු වුවත් ඔහුට ඉහළින් සිටින තවත් නිලධාරිහු සහ නිලධාරිනියෝ කිහිප දෙනෙක් ද එම කාර්යාලයේ සේවය කරති. කාර්යාලයේ පවත්වන ලබන සේවක රැස්වීම්වල දී ඔහුට කතාවක් ලබා දෙන්නේ වෙනත් අයකු නොසිටියොත් පමණි.
මන්දයත් කොතනින් කතාව පටන් ගත්ත ද අවසන් කරන්නේ සිය පවුලේ වතගොත සමග විශාල පම්පෝරියක් පැවසීම නිසාය. කාන්තා නිලධාරිනියන්ගේ ඇසුරට දැඩි ලොල් බවක් දක්වන මොහු අනංගයකු බවට කාර්යාලයේද ප්‍රසිද්ධියක් ද උසුලයි.ලබාගත් උපාධි සහ වෙනත් අමතර සුදුසුකම් හුවා දක්වමින් නිතරම සේවකයින්ට දොස් පැවරිම ඔහු පුරුද්දක් කරගෙන සිටින බවද පැවසේ.
සේවිකාවන්ට වරදක් නැතත් ඇමතුම් ලබාදෙමින් කුණුහරුපවලින් ආමන්ත්‍රණය කිරීම ඔහු සිරිතක් කරගෙන සිටියේය. මෙම ක්‍රමය නිසා බොහෝ නිලධාරිනියන් දැඩි පීඩාවට පත්ව සිටි අතර සිය උසස් නිලධාරියාට එරෙහිව හඬක් නැගීමට මැලිකමක් දැක් වූහ. මෙම පුරුද්දට දඬුවමක් දිය යුතු බවට කල්පනා කළ නිලධාරිනියෝ කිහිප දෙනෙක් බැහැර වාර්තා කොට කාර්යාලයෙන් පිටව ගියහ.
තමන්ට නොකියා බැහැර යාම පිළිබඳව සැල වූ වහාම ඔහුගේ ඔළුවට යක්ෂයා ආරුඩ විය. ක්ෂණිකව ඇමතුමක් ලබාගෙන එක් නිලධාරිනියකට බැණ වැදුනේය. නිලධාරිනිය ක්ෂණිකව ඇමතුම විසන්ධි කළාය. දෙවන ඇමතුම ලැබෙන්නට පෙර නිලධාරිනියෝ පිරිස සිය දුරකතනයට ලැබෙන ඇමැතුම් කාර්යාලයේ අනෙකුත් විධායක නිලධාරිනියන්ගේ දුරකතනවලට සහ ඔහුගේ බිරිඳගේ අංකයට ලැබෙන පරිදි යොමු කළහ. මේ කිසිවක් නොදත් විධායක නිලධාරියා බැහැර ගොස් සිටි සිව්දෙනාට වෙන් වෙන් වශයෙන් ඇමැතුම් ලබාගෙන බැණ වදින්නට වූයේ කිසිවකුට සවන්දිය නොහැකි අයුරිනි. කාර්යාලයේ සිටි අනෙකුත් විධායක නිලධාරිනියන් තිදෙනා මෙම නිලධාරියාගේ කාර්යාලයට පැමිණ ලබාදුන් ඇමතුම් සම්බන්ධයෙන් විමසා ප්‍රසිද්ධියේ දොස් පවරමින් ආයතන ප්‍රධානියාට පැමිණිලි කළහ.
ආයතන ප්‍රධානියා සිද්ධිය පිළිබඳව විපරම් කළ අතර ඔහුට කාරණය වැටහීමට වැඩි වේලාවක් නොගියේය. සේවිකාවන්ගෙන් ලද පෙර පැමිණිලි පිළිබඳව ද සිහිපත් කරමින් දේශනාවක් දී විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අවවාද කළේය. එම අවස්ථාවේ ඔහුගේ බිරියගෙන් ද ඇමතුමක් ලැබුණු අතර ඇය ද සරල සිංහලෙන් අමැතුවාය.
අසල සිටි සියලුම දෙනාට ද එය ශ්‍රවණය වූ අතර ඔවුහු සිනාව නතර කර ගැනීමට දැඩි උත්සායක නිරත වූහ. එදින සිට විධායක නිලධාරියාගේ පරුෂ වචන ආමන්ත්‍රණය අවසන් වූ අතර සතියක පමණ නිවාඩුවක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලබාගත් අතර මිතුරන් සිද්ධිය පිළිබඳව විවිධ දේ විමසමින් ඇමතුම් ලැබීම නිසා දුරකතන අංකය ද ඔහු මාරු කර ඇතැයි පැවසේ.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුණුහරුපයෙන් බනින අනංගයාගේ රෙදි ගලවයි