IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය 


කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
රාත්‍රී කාලයේ කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය කරන මගී බස් රථයකට ගොඩවැදුණු තලත්තෑනි අඹුසැමි යුවළක් බස් රථයේ මැද ආසනයක හරි බරි ගැහී ඉඳගෙන සිටියහ. 
ඔවුහු දෙදෙනාම උපැස් යුවලවල් පැලැඳ සිටියෝය. පැය තුන හතරක ගමනකින් හෙම්බත්ව සිටි මගීහු බොහෝ දෙනෙක් නින්දට වැටී සිටියහ. මේ තලත්තෑනි අඹු සැමි යුවළද නිදි සුව විඳින්නට වූහ.
නින්දෙන් අවදි වූ බිරිඳ කලබලයට පත් වී සීට් එකට හේතු වී නිදා සිටි තම සැමියා අවදි කළාය. “අනේ බලන්නකෝ මගේ කණ්ණාඩිය නෑනේ, බිමට වැටිල ද දන්නෙ නැහැ.”‍ යැයි කලබලයෙන් පැවසුවාය. සැමියා ද අසුනෙන් නැගිට, බඩු බාහිරාදිය එහා මෙහා කරමින් බිරිඳගේ කණ්ණාඩිය සොයා විපරම් කරන්නට විය. ඔහු සීට් එක යටට ද හෙබිකම් කළේය. එහෙත් කණ්ණාඩිය හමු නොවීය. මේ අල්ල පනල්ලේ බිරිඳ සැමියාට හොඳටෝම දෙහි කපන්නට වූවාය. “කොහෙද මේ මිනිහගේ කලබලේනේ. බස් එකට නැග්ගේ දුවගෙන ඇවිල්ල නේ. ඒ එද්දි මග වැටෙන්න ඇති. මේ හැම දේකටම මුල ඔහේගේ කලබලේ තමයි”‍. කියමින් දෝෂාරෝපණය කළාය. 
සැමියාද නිකන් හිටියේ නැත. “මේ මට කියලා තමුසෙගේ කට තළාගන්න ලෑස්ති වෙන්න එපා. කොයි දේටත් වැරදිකාරයා මමයි. ඇයි හත්වලාමේ තමුසෙගේ එක පරිස්සම් කරගන්න තමුසෙ දැනගන්න එපායැ.”‍
“මේ මනුස්සයෝ, ගෑනිට කරදරයක් උනාම ඔහොමද කතා කරන්නේ? මට කොහොම හරි මගේ කණ්ණාඩි කුට්ටම හොයලා දෙනවා”‍ යැයි කියමින් ඔහුගේ උරහිසින් අල්ලා සොලවන්නට වූවාය. සැමියා ද ඇයගේ බෙල්ලෙන් අල්ලා පොර බදන්නට විය.
මේ සියල්ල සිද්ධ වන්නේ බස් රථයේ මඳ විදුලි ආලෝකයෙනි. මක්නිසාද යත් බස් රථයේ ඇතුළත ඉතාම මන්දගාමී විදුලි ආලෝකයක් තිබූ බැවිණි.
සැමියා සහ බිරිඳ එක එකාට බැන ගනිමින්, චෝදනා කරමින් මහා හයියෙන් ගෝරනාඩු කරන්නට වූහ.
බස් රථයේ සීට්වල සුව නින්දේ පසු වූ මගීහු මේ මහා ශබ්දය ඇසී එකා දෙන්නා ඇස් ඇර බලා”‍ මේ මොන මල ඉලව් කරදරයක් දැයි”‍ අසමින් ඒ ගැන විමසන්නට වූහ. 
කොන්දොස්තර තැනද එතැනට කිට්ටු විය. මේ සියල්ල අසා බස් රථය ධාවනය කරමින් සිටි රියැදුරු මහතා බස් රථය තුළ විදුලි ආලෝකය දැල්විය. එවිටම එතැනට පැමිණ සිටි කොන්දොස්තර මහතා ඔවුන් දෙදෙනා අමතා මෙසේ පැවසීය. 


“මේ ඕයි තමුසෙලා දෙන්නා කට පියාගන්නවලා. මේ නෝනා, කට තිබ්බ පලියට බෙරිහන් දෙන්න එපා. ඔහේගේ නැති වුණු කණ්ණාඩි කුට්ටමක් නැහැ. හොඳට අතගාලා බලනවා. ඔය තියෙන්නේ නළලේ දාගෙන මොකක්ද කියලා. නිකං බොරුවට මිනිස්සුන්ට වද දෙන්න එපා”‍ යැයි පැවසුවේ මෙතෙක් වේලා අන්තරස් දාන වූවා යැයි පැවසූ කණ්ණාඩි කුට්ටම බිරිඳගේ නළලේ රඳවාගෙන තිබෙන අයුරු පෙන්වා දෙමිනි.
එකෙනෙහිම, බිරිඳ තම නළල අත ගෑවාය. කණ්ණාඩි කුට්ටම ඇයගේ අතට හසුවිය. අඹුසැමි යුවළගේ කටවල් දෙකට ඉබි යතුරු වැටුණි. ඔවුහු දෙදෙනාම අසුනේ වාඩි වී ලැජ්ජාව වසා ගැනීමට යළි බොරු නින්දකට වැටුණාහ. එහෙත් බස් රථයේ මගීන්ගේ කටවල් සියල්ල ඇරී මෙවැනි පුංචි දේවල් වලටත් ඉවක් බවක් නැතුව රණ්ඩු සරුවල්වීම පිළිබඳව මේ අඹුසැමි යුවළට හොඳ හැටි දොස් නැගීය.
පැය හත අටක ගමනකින් අනතුරුව ඔවුහු තම ගම් ප්‍රදේශයට සේන්දු වී තම ගමට යන හන්දියෙන් බස් රථයෙන් බැස්සහ. එම බස් රථයෙන් ඔවුන්ගේ ගමට අල්ලපු ගමේ හාදයෙක්ද බිමට බැස්සේය. 
“මේ නැන්දටයි මාමටයි හරි අබැද්දියක් නේද අද වුණේ. කියමින් ඔහු නොපෙනී ගියත්, පහුවදා සිට ගම් පළාතේම කණ්ණාඩි කුට්ටමේ හුටපටය ගැන ප්‍රචාරය වී තිබුණි.



අදහස් (2)

කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන

vernon Wednesday, 22 January 2025 09:18 AM

කණ්ණාඩි කුට්ටම නළලේ තියාගෙන ඒක හොයපු කතාව දශක ගණනාවක් පැරණි කතාවක්. ඒ වගේම මේ හැම කතාවකම, අන්තිමට ඒක ගමේ මිනිස්සු දැන ගෙන අදාළ සිද්ධිය වෙච්ච කෙනාට මිනිස්සු විහිළු කළාලු,

:       0       9

Janindu Perera Wednesday, 22 January 2025 11:03 AM

නළලේ කන්නාඩි කුට්ටම තියනවා. කොන්දා දැක්කට මිනිහා දැක්කේ නැති එක තමයි වැඩේ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site