IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කොණ්ඩෙ කපලා මගුලත් එපාවෙලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

විදේශ රටක සේවය කොට විවාහය සඳහා සිය රට පැමිණි තරුණියකට තම දිගු වරලස හදිසියේ අහිමිවීම නිසා විවාහය දෙදරා ගිය පුවතක් කන්ද උඩරටට නුදුරු ගම්මානකින් වාර්තා විය.

මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස වසර තුනක් පමණ සේවය කළ ඇය හරිහම්බ කරගත් දෑ සමගින් සිය රට පැමිණියේ තම වැඩිමහල් සොයුරිය විසින් යෝජනාවක් අනුව කතිකා කර ගත් තරුණයකු සමග ඉක්මන් විවාහයක් කර ගැනීම සඳහාය.

තම අනාගත සිහින කුමාරයාගේ ඥාතීන් තමන්ව බැලීමට ඊට ආසන්න දිනයක තම වැඩිමහල් සොයුරියගේ නිවසට පැමිණීමට නියමිතව තිබූ නිසා ඇය ද ඊට සූදානම්ව ඇගේ සොයුරියගේ නිවසට පැමිණියේ දහසකුත් එකක් ප්‍රාර්ථනා මධ්‍යයේය.

එසේ පැමිණි ඇය තම සොයුරියගේ සිඟිති දියණියන් දෙදෙනා සමග නිවසේ වූ ඇඳක කෙළිදෙලෙන් සිටියදී ඇයටද  හොරා ඇයට නින්ද ගොස් ඇත්තේ මේ දිනවල පවතින වියළි කාලගුණයද සමගින් වූ තෙහෙට්ටුව ද නිසාය.

ඇගේ නින්දයාම නිසා පාළුවක් දැනී ඇති සිඟිති දියණියන් දෙදෙනා එම පාළුව අකාමකා දැමීමට නිවසේ වූ පනාවක් හා කතුරක් ගෙන ඇඳ මතම පුංචි පහේ සැලුන් එකක් දමා ඇත්තේ ඇගේ දිගු වරලස කීතු කීතුවලට කපා දමමිනි.

පසුව ටික වේලාවකින් අවදිව බලන විට තමන්ගේ වරලසට සිදුවී ඇති දෙය දැක ලැජ්ජාවට පත්වූ ඇය විවාහය පසෙක දමා මේ වන විට නිවසින් හෝ එළියට ඒමට නොහැකිව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

 



අදහස් (4)

කොණ්ඩෙ කපලා මගුලත් එපාවෙලා

sasith Monday, 19 February 2018 08:14 AM

පොඩි උන් දෙන්නා මරු වැඩේනේ කරලා තියෙන්නේ...

:       34       14

Thusha Monday, 19 February 2018 09:36 AM

දැන් ඉතින් මොනවා කරන්නද..? අලුත් මෝස්තරයකට කොණ්ඩය කපාගෙන ,ආපු වැඩේ කරගන්න තියෙන්නේ.

:       2       30

vernon Monday, 19 February 2018 09:40 AM

දැන් මේ කතාවේ කොහේද මංගල්‍යය කඩාකප්පල් වෙච්ච බවක් කියන්නේ?

:       5       125

pakeer Wednesday, 21 February 2018 04:17 AM

හොඳ වෙලාවට කොණ්ඩේ විතරක් කපල බේරුනේ.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site