IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්

කුණකටුවකු  සැඟවී සිටි හිස් වැස්මක් දමාගෙන බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණි තරුණයෙකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තාවේ.


 අදාළ තරුණයාගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.


  බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගහකිවුල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කළේය. රැකියාවට පැමිණියේ යතුරුපැදියෙනි. පසුගිය දිනෙක ද කඩිමුඩියේම හිස්වැසුම දමාගත් ඔහු යතුරුපැදියෙන්  වැඩට එන්නට පිටත් වුනේය.


මීගහකිවුල නගරය ආසන්න වෙද්දී  හිස්වැස්මේ ඇතුළත කිසියම් දෙයක් දඟලන්නාක් මෙන් ඔහුට දැනුනි. එහෙත් ඒ ගැන තැකීමක් නොකළ ඔහු සේවා ස්ථානයටම පැමිණියේ ඒ වනවිටත් සේවයට පැමිණිය යුතු වේලාව ආසන්නව තිබූ නිසාය.


 ගමන නිමාකොට හිස්වැස්ම ගලවා හිසෙන් ඉවත්කරනවාත් සමගම  හිස්වැස්මෙන් එළියට පැන්නේ අඩි එකහමාරක් පමණ දිගැති කුණකටුවෙකි.


හිස්වැස්මටත් හිසටත් හිරවීම නිසා කුණකටුවා දැඟලුවත් වාසනාවකට මෙන් ඌ දෂ්ඨ කර නොතිබිණි.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

කුණකටුවෙක් හිසෙන් අරන් වැඩටත් ගිහින්

අමිල Monday, 03 October 2016 07:10 AM

කුනකටුවගෙන් බේරුනත් පොලිසියෙන් බේරෙන්න බෑ.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 01 October 2016 08:21 PM

මෙයා අමතර "මගියෙක්" සමඟ වැඩට ගියේ යතුරුපැදියකින් නම්, එයා පැළඳගෙන ගියේ සාමාන්‍ය හිසවැසුමක් වෙන්න බැහැ. එය හෙල්මට් එකක් වෙන්න පුළුවන්. තිරිසන් සතෙක් වුණත් එම කුණකටුවා රියදුරාට දෂ්ඨ නොකළේ, උගේ ගමන අපේ බස් එකකින් යනවාට වඩා ඉක්මනින් කරගන්නට ලැබුන නිසාද දන්නේ නැහැ. ඉදිරියේදී වුණත් තොප්පි දමාගෙන ගමන් යන අය මෙවැනි ටිකට් නැතුව ගමන් කරන මගීන්ගෙන් පරෙස්සම් වෙන්න (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 02 October 2016 04:27 PM

අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන කනවෝ, කනවෝ කියනවට වැඩිය වෙනසක් වුණා එහෙනම් (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 03 October 2016 07:45 AM

ඔන්න එකත් හරි, රුපවති නගා බය කාටද කියල දැන් දැනගත්ත , මම හිතුවේ මහත්තයට විතරයි බය කියල . දැන් බලපුවම බය නැත්තේම ඒ මනුසයටනේ (බ)

:       0       0

අනිල් Saturday, 01 October 2016 02:45 AM

දෂ්ඨ කරා නම් කුනකටුවගේ අවසානේ තමයි...(හේ)

:       0       0

ගුණවර්ධන Sunday, 02 October 2016 05:05 PM

කකුල් දෙකේ සර්පයන්ගෙන් තමයි ප්‍රවේශම් වියයුත්තේ. (නි)

:       0       0

අනුර Sunday, 02 October 2016 06:40 AM

සර්පයෙක් වුවත් කරදරයක් කළේ නැත්නම් අනතුරක් නැහැ (බ)

:       0       0

නලින් Monday, 03 October 2016 04:47 PM

පව් උගේ පවුලයි ළමයි ටිකයි. දැන් හොයනවා ඇති කොහේද ගියේ කියලා.

:       0       0

සංජීව Monday, 03 October 2016 12:40 AM

නන්දලාල්, ඔබ ප්‍රංශයේ ඉන්න මන්දබුද්ධිකයෙක්ද? කිව්වොත් කියන්නේ මෝඩ කතාවක්.

:       0       0

පිටබැද්දර ජයා Saturday, 01 October 2016 10:04 AM

අම්මපා! මේ ඇහුවමයි අහක යන නයි තොප්පියේ අස්සේ දාගත්තා කියලා. මොනවා වුණත් පුදුම වාසනාවන්ත මනුස්සයෙක් (නි)

:       0       0

ඉෂාන් Monday, 03 October 2016 10:24 AM

පුදුමයි බේරුණා.(හේ)

:       0       0

රූපවතී Saturday, 01 October 2016 11:33 AM

බුදුඅම්මෝ! මගේ ඇඟ හිරිවැටුනා කතාව ඇහුවහම. මම ජීවිතේටම අකමැති සර්පයින්ටයි, පණුවෝ, දලඹුවන්ටයි පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site