IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කඩේ මුදලාලිට ඌරුජුවල් නග්ගන්න බසයට ‘අප්පිරියා හෝන්’ එකක් දාලා

(තිහගොඩ උපසේන ලියනගම)
තම කඩය අසලින් යන බස් රථයක අමුතු හෝන් හඬට යක්ෂාරූඪ වූ මුදලාලි කෙනකු ගැන පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපයේ දුෂ්කර ගම්මානයකිනි.


මේ ගම්මානයේ ප්‍රාදේශීය දේශපාලකයකු රජයේ අනුග්‍රහය ඇතිව මාර්ගය සකස් කොට පසුගියදා එහි බස් රථයක් ධාවනය කරවීමට කටයුතු කළ අතර, බසයේ මංගල ගමන ඇරැඹි දා ප්‍රබල දේශපාලකයකු ගෙන්වා උත්සවයක් ද පැවැත්වීය.


උත්සවය සඳහා ගමෙන් ලොකු මුදලක් එකතු කිරීමට යාමේ දී මේ කඩයේ මුදලාලිට ද ඊට දායක වන ලෙස ඉල්ලීමක් කළ ද, විරුද්ධ පක්ෂයේ දැඩි හිතවතකු වූ ඔහු එය ප්‍රතික්ෂේප කළේ චෝදනා රැසක් ද රජයට එල්ල කරමිනි.


එහෙත් සංවිධායකවරුන් මහ ඉහළින් උත්සවය පැවැත් වූ අතර, බසය තම කඩේ ඉදිරියෙන් යන හැම විටකම අමුතු හෝන් හඬක් නගමින් එය ධාවනය වීම ඔහු නොරිස්සුවේය. ඉන් නැගෙන හඬ ඔහුට මහත් අප්පිරියාවකි.


මේ හඬ අසා සිටි හිතවතකු කීවේ මෙය බසයේ සාමාන්‍ය හෝන් හඬ නොව මුදලාලිට ඔච්චම් කිරීමට කඩය අසලදී පමණක් නාද කිරීමට යොදාගනු ලැබූ වෙනත් හෝන් හඬක් බවය.


පසුවදාම කඩය අසල දී බසය නවතා රියැදුරාට තද චෝදනාවක් කොට පහරදීමට පවා තැත් කළ විට රියැදුරා බසයේ ගමන වේගවත් කොට අප්පිරියා හෝන් හඬ නොනවත්වාම ගසාගෙන ගියාලු.

 



අදහස් (0)

කඩේ මුදලාලිට ඌරුජුවල් නග්ගන්න බසයට ‘අප්පිරියා හෝන්’ එකක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site