IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොඩිවින කැපිල්ලේ සත්ත පෙන්වන්න කපුවා කුකුල් බිල්ලේ පස්ස මහලා

රත්නපුරය ආශ්‍රිත ගැමියකු තම පවුලේ සමාජිකයන්ට නිතර විඳීමට සිදුවන දුක් කරදර දරාගත නොහැකි වීමෙන් දේවාලයක කපුවකු සොයා ගියේ තම පවුලට සිදුව ඇති වින්නැහිය සාස්තරයක් මගින් අසා දැනගෙන ඊට ශාන්තිකර්මයක් සිදු කිරීමටය.


 දේවාලයේදී පේනයක් බැලූ කපුමහතාට කියවුනේ ගම්වැසියා ඇතුළු පවුලේ අයට අසල්වාසී තරහාකාරයකු විසින් කර ඇති බලගතු කොඩිවිනයක් හේතුවෙන් පවුලේ සාමාජිකයින්ට නිතර කරදරවලට මුහුණදීමට සිදුවීමෙන් පවුලේ දියුණුවක් දක්නට නොමැති බවත් ඉදිරියේදී තවත් විශාල කරදර රැසකට මුහුණදීමට තම පවුලේ සාමාජිකයින්ට සිදුවීමෙන් හදිසි වියෝවන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඊට පෙර කොඩිවිනය කපා සෙත්ශාන්තියක් පවත්වන ලෙසට එම පේනයෙන් කියැවිණි.


 ඉන්පසුව ගම්වැසියා කපුමහතා හා සාකච්ඡා කර කොඩිවිනය කැපීමට දිනයක් හා වේලාවක්ද නියම කර ගැනීමෙන් පසු කපුමහතා පැවසූ පරිදි කොඩිවිනය කැපීම සඳහා අවශ්‍ය කුකුළා ජීවම් කිරීම සඳහා ගිවිසගත් දිනට පෙර දින නිවසට රැගෙන ගොස් කපුමහතාට භාර දුන්නේය. 


ශාන්තිකර්මය පවත්වන පසුදින උදාවිණි. කපුමහතා කුකුළාද රැගෙන  සවස් යාමේ ගම්වැසියාගේ නිවසට පැමිණියද ඒ වනවිටත් ඒ සඳහා ගම්වැසියා විසින් සියලු කටයුතු සූදානම් කර තිබුණි.


 ශාන්තිකර්මය අවසන්වීමෙන් වරු තුනක් ගතවීමට මත්තෙන් කුකුළා මියගියහොත් කොඩිවිනය එතැනින්ම කැපී බලරහිත වන බව පැවසූ කපුවා එදින රාත්‍රියේ තොවිලයේ අනෙකුත් කටයුතු පසුදා පහන්වනතුරු පවත්වා වැඩ කටයුතු  අවසන් කොට හොඳින් කෑමදී කුකුළා බලාගන්න යැයි ගැමියාට පවසා ගුරුපඬුරු වශයෙන් රුපියල් විසිදහසක මුදලක් ද රැගෙන කපුවා පිටත්ව ගියේය. 


එදින රාත්‍රි හත අට වත්ම කුකුළා මියගියේය. මේ නිසා ගැමියාගේ පවුලේ අයට යම් අස්වැසිලක් ලැබුණි. පසුදින උදය කාලයේ  ගෙහිමියා මියගිය කුකුල් නාම්බා වළදමන්නට සූදානම් වෙද්දී ඔහුගේ නිවස ඉදිරිපිටින් ගමන් ගත් මිතුරන්  කීප දෙනෙකු නිකරුනේ  කුකුළා වළ නොදමන ලෙස ගෙහිමියාට පවසා ඔවුන්ගේ ආහාරයට එක්කර ගැනීමට කුකුළා රැගෙන මිතුරෝ එතැනින් පිටත් වූහ. 


හම ගැසූ කුකුළාගේ අවයව ඉවත් කිරීමට පිරික්සීමේදී මිතුරන් දුටුවේ මියගිය කුකුල් නාම්බාගේ අධෝමාර්ගය කිසිවකු විසින්  තංගුස් නූලකින් අධෝමුඛය තදවන ලෙස මසා දමා ඇති බවය.


මිතුරෝ ඒ බැව් ගෙහිමියාට පැවසූහ. පවුලේ අය කපුවා සොයා ගියද ඒ වනවිටත් කපුවා එම ප්‍රදේශයෙන් අතුරුදන්ව ගොසිනි. එම පවුලට කොඩිවිනය කැපීමෙන් මෙතෙක් යහපතක් සිදුව නැතැයි ද බොහෝ දෙනා කියති. 
(ගිලිමලේ අමරදාස අංගම්මන)

 



අදහස් (0)

කොඩිවින කැපිල්ලේ සත්ත පෙන්වන්න කපුවා කුකුල් බිල්ලේ පස්ස මහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site