IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැඩුම් බිඳුම් වෙදකමෙන් මඟු‍ලත් කැඩිලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


රජයේ රැකියාවට අමතරව දේශීය වෙදකම සිදුකළ රූමත් කාන්තාවක සැමියා සහ දරුවා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.
කාන්තාව දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ අතර දේශීය වෙදකම පිළිබඳව ප්‍රසිද්ධියට පත් තැනැත්තියකි. විශේෂයෙන් කැඩුම් බිදුම් වෙදකමටද ඇය ප්‍රසිද්ධියක් දැරුවාය.
සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්‍රිය තැනැත්තියක වූවාය. රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක ලෙස ජනතාව අතරද ප්‍රියමනාප තැනැත්තියක වන ඇය විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන හැඩකාර දැකුම්කළු කාන්තාවක්ද වූවාය.


වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණි පසු රිය අනතුරකින් තුවාල ලැබු කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ප්‍රතිකාර ගැනීමට යෙහෙළියක සමග ඇය හමුවීමට පැමිණියේය. වෙදකම හා හෙදකමද නිසිලෙස සිදුකිරීමට ඇය වගබලා ගත්තාය. තරුණයා කෙටිකාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී කාන්තාව කිසිවකුටත් නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව සැලවිය.
සැමියාට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව පැහැදිලි විය. කාන්තාව කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණයා සමග අගනුවර ප්‍රදේශයකට ගොස් ඇති අතර බිරිය සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටී. තරුණයා කාන්තාවගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද අපූරු වෙදකම පිළිබඳව රස කතාවක් රජයේ කාර්යාලවල පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (0)

කැඩුම් බිඳුම් වෙදකමෙන් මඟු‍ලත් කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site