වයඹ පළාතේ ග‍්‍රාමීය මට්ටමේ වෙළඳසලකි. කඩ හිමියා ප‍්‍රදේශයේ ආණ්ඩුපක්ෂයේ ප‍්‍රබල දේශපාලකයකුගේ උදව්කරුවෙකි. උදේටත් හැන්දෑවටත් මෙහි පාරිභෝගිකයෝ පිරෙති. ඒත් මෑතක පටන් කවුරුත් මෙතැන කතා කළේ වැඩිවන බඩුමිල ගැනය. ඒ ගැන තර්ක විතර්ක, උසුළු විසුළු කරමින් කඬේ ලෑලි බංකුවේ වැඩි දෙනා පාළු කපති. මෙය නොරිස්සු මුදලාලි මෙතැන වැඩක් නැත්නම් ගෙවල්වලට යන්නට කීවේ වරක් දෙවරක් නොවේ. ඒත් ඔවුන් යන්නේ නැති තැන කාව්‍ය රසිකයකු වූ මුදලාලි ලොකු කොළයක කවියක් ලියා කඬේ බිත්ති කණුවේ ඇලෙව්වේය. එය මෙසේය. ‘බඩුවෙ මිල වැඩි නං - ඒවා ගන්න බැරි නං නොකර තව අවමං - අනේ මට වද නොදී පලයං’ කවිය බල බලා රස විඳින පාරිභෝගිකයන් සිනාසෙමින් ආපසු යනවා මිස දැන්නම් කඩ බංකුවේ පාළු කපන්නේ නැති ලූ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කඩපිලේ රස්තියාදුකාරයන්ට මුදලාලිගෙන් අපූරු කවියක්
කොබා Friday, 04 May 2012 01:51 PM
දැන් ඉතින් එහෙමවත් කියමු...
කසුන් Wednesday, 09 May 2012 10:02 AM
මරු කවිය
ඉමදූව Sunday, 06 May 2012 03:38 PM
බඩු මිල අඩුනම් ... ඒවා ගන්නට හැකිනම්... නොකර අපි අවමන්.... බඩෝ අපි යනවා විගසින්....
ශලනි Saturday, 05 May 2012 01:25 PM
බඩු මිල නැග්ගුවොත් බඩු මිල බස්සන්නම ඕන...
කාංචන Friday, 04 May 2012 04:56 PM
හරි හිනා
අසංක Sunday, 06 May 2012 06:08 PM
නොදී තව බෙරිහන් - අපේ පැත්තට කොඩිය වනපන් (ස)
පෙරේරා Tuesday, 08 May 2012 03:27 PM
‘බඩුමිල යුක්ති සහගත නොවේ නම් මේ කපේදිම විපාක දෙන්න‘
සුදර්ශන Friday, 04 May 2012 09:05 PM
කල්පනාකරල බැලුවහම ඒකත් හොඳයි....
සුදර්ශි Saturday, 05 May 2012 01:39 AM
මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක්
අලිබබා Saturday, 05 May 2012 01:49 AM
මෙ මුදලාලිට අනාගතයේදී දේශපාලඥයෙක්ගේ තත්වයට එන්න පුලුවන්.
නලින් Saturday, 05 May 2012 02:01 AM
ගොන් වැඩක්
මංඡුල බිරුටි Friday, 04 May 2012 11:36 AM
හැබැයි මුදලාලි විරුද්ද පක්ෂයේ උනානමි ඔහොම කියන ඒකක්නැ.
සමීර පතිරණ Tuesday, 08 May 2012 01:46 AM
මුදලාලිලාට දුප්පතාගේ දුක තේරෙන්නේ නැ
කාවින්ග Saturday, 05 May 2012 05:54 AM
මදලිලිට දැන් පාලු ඇති....