IMG-LOGO

කැඩුණු බෝතලෙන් සූර්වී වැඩත් නැතිවෙලා

පිටරටින් ගෙන්වන ලද මත්පැන්, ගබඩා කරන ස්ථානයකි.

මත්පැන් වර්ග අඩංගු පෙට්ටි පැටවීම සහ බෑම කරනු ලැබුවේ තාවකාලිකව බඳවා ගන්නා ලද තරුණ කම්කරුවන් පිරිසක් විසිනි. ඉතාමත් මිල අධික මත්පැන්ද මෙහි ගබඩාකර තබිි ණි.

දිනක් තරුණයින් මත්පැන් අඩංගු පෙට්ටි ගබඩාවට බාන අවස්ථාවේදී ආවරණය ගැලවී තිබූ පෙට්ටියක මත්පැන් බෝතලයක් බිම වැටී බිඳුනි. වහාම තරුණයකු එහි ඉතිරිවූ මත්පැන් පසෙක තිබූ ප්ලාස්ටික් බඳුනකට හිස් කළේය.

පසුව කිහිප දෙනෙක් මුල්ලකට ගොස් නිලධාරීන්ට නොපෙනී ප්ලාස්ටික් බඳුනේ වූ මත්පැන් ස්වල්පය බැගින් පානය කළහ. කව්රු නොදුටුවත් සීසීටීවී කැමරාව එම දසුන බලා සිටි අතර තරුණයින්ගේ විලාශය දුටු නිලධාරීන් කැමරාව පරීක්ෂා කිරීමේදී තරුණයින් මත්පැන් පානය කරන අයුරු දැකගත හැකිවිය. ”බෝතල් කටු බඩට ගිහිල්ලත් ඇති.” නිලධාරියෙක් පැවසීය.

පසුව ඔවුන්ගේ සේවය අත්හිටුවන ලදී, මත්පැන් බෝතලයේ වටිනාකම රුපියල් හැටපන් දහසකි. වාර්තාවූයේ කොළඹ ප‍්‍රදේශයෙනි. 



අදහස් (0)

කැඩුණු බෝතලෙන් සූර්වී වැඩත් නැතිවෙලා

සෑම් Tuesday, 16 February 2016 06:20 AM

රස්සාව නැති උනේ අහවල් විස්කි ජාතිය බීලා ඉඳලා කියලා ලැජ්ජා නැතුව කියන්න පුළුවන්නේ . (ර)

:       0       0

කුමාර Tuesday, 16 February 2016 10:12 AM

65,000ක් වටිනා බීම ජාතියේ නම කියන්නකෝ. දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

රහීම් Tuesday, 16 February 2016 01:03 PM

බඩජාරිකම රස්සාවට වැඩිය ලොකුයි (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 17 February 2016 07:35 PM

මම වුණත් බොනවා. 65000 ක් කියන්නේ පොඩි ගානක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 458 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site