IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කට වරද්දාගත් අම්මාට පොළොව පලාගෙන යන්න වෙලා

මව්වරුන් පිරිසක් ඉදිරියේ සිය දියණියගේ නැති ගුණ කීමට ගොස් පොළොව පලා ගෙන යාමට තරම් වූ ලජ්ජාවකට මුහුණ දුන් තවත් අම්මා කෙනකු පිළිබද කතාවක් ගාලු‍ දිසාවේ ප්‍රසිද්ධ නගරයක පෞද්ගලික උපකාර පන්තියකින් අසන්නට ලැබේ.
එය දෙතුන් සීයක් ඉගෙන ගන්නා පෞද්ගලික උපකාරක පන්තියකි. ඉගැන්නුවේ උසස් පෙළ විෂයකි. 
මව්වරුන් පිරිසක් මේ පන්තිය අවට තක් ගැහී සිටියේ සිය දූවරුන් පන්තියෙන් රැගෙන යාමටය. මේ අතර ආගන්තුක මවක් ද වූවාය. වෙනදා දුව එක්ක යන පියාට එදා අත්‍යවශ්‍යම වැඩක් තිබූ නිසා මේ මව සිය දියණිය රැගෙන යාමට පැමිණ සිටියාය.
පන්තිය ඉවරවන තෙක් මේ මව්වරු අල්ලාප සල්ලාපයේ යෙදුණාහ. මාතෘකාව දියණියන්ගේ ඇඳුම කැඩුම ගැනය. ඒ මාතෘකාවට පාදකවීමට ආසන්නතම හේතුව වූයේ ඒ ආසන්නයෙන් ඉතාමත් කොට ගවුමක් හැඳ ගෙන ගිය දැරියකි.
අනේ අම්මපා දූලාට මේ වගේ ඇදුම් අන්දලා එවන අම්මලාටයි ගහන්න ඕනෑ යයි මේ කාන්තා සංගමයේ අය කීහ. 
හැබෑවම තමයි ගහන්න ඕනෑ ඒ ළමයට නෙමෙයි අම්මට තමයි ආගන්තුක අම්මා ද කීවාය.
අපේ දරුවා අන්න ඒකට. අපේ දරුවට නම් හරි පිළිවෙළට ඇඳුම කැඩුම තියෙන්න ඕනෑ. මමත් එහෙම තමයි. දූට ඇඳුමක් අන්දවලා පාරට බස්සන්නේ මමත් බලලා. අනෙක එයාට ඔය විකාර ඇඳුම් අල්ලන්නෙත් නැහැ යයි ද මේ ආගන්තුක අම්මා සිය දියණිය ගැන කියවාගෙන කියවාගෙන ගියාය. ඒ එක්කම පන්තිය ඇරිණි.
ඉදිරියෙන්ම ආ දැරියගේ ඇඳුමට යළිත් මේ අම්මලාගේ නෙත් දිව ගියේ ඉබේටමය. අයියෝ අර බලන්න අර ළමයාගේ ඇඳුම ඉනේ ඉඳන් වියතක් නැහැ. මේ දරුවා මේ තරම් කොට ඇඳුමක් ඇඳගෙන කොහොම පන්තියේ වාඩි වුණාද මන්ද ඔවුහු කීහ. 
ආගන්තුක අම්මාගේ මුහුණ ජම්බු ගෙඩියක් තරම් රතු වූයේ මේ කතාබහ යන අතරේය. ඉදිරියට එන දැරියගේ මුහුණ සිය මුහුණේ ගැටීම වළකාලීමට ආගන්තුක අම්මා වෙර දැරුවත් ඉදිරියට ආ දැරිය ‘‘පන්ති ඇරුණා යමු අම්මේ’’ කියා ඇගේ අතේ එල්ලු‍ණාය. අනෙක් අම්මලාගේ දෙනෙත් හොල්මනක් දැක බයවූවාක් මෙන් තිබුණ ආගන්තුක මව අඩියට දෙකට එතැනින් මාරුවීයේ කිසිවකු දෙසවත් නොබලමිනි.

කරන්දෙණිය – එම්. සුසිල් පි්‍රයන්ත

 



අදහස් (2)

කට වරද්දාගත් අම්මාට පොළොව පලාගෙන යන්න වෙලා

himal Wednesday, 02 August 2023 08:50 AM

මේ අම්මලාට තමන්ගේ තරුණ කාලේ අමතක වෙලාද? නැත්නම් 1970 ගණන් වල ලංකාවේ යුවතියන් ඒ කාලේත් කොටට ඇන්දා කියලා අමතක වෙලාද? ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා.

:       2       8

Hansi Friday, 04 August 2023 03:02 PM

අඳින ඇඳුම අඳින්නාගේ මනසේ ස්වභාවය පෙන්වනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site