අධික බීමතින් සිය මිතුරාගේ මගුල් ගෙදර යාමට ගොස් අවසානයේ මගුල් ගේ සොයාගැනීමට නොහැකිව අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව වාර්තා වේ.
සිද්ධිය මෙසේය.

ඔහු ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. මේ අතර ඔහුගේ දියණිය වැඩි වියට පත්ව ඇත. මගුල් ගෙය මත්ද්‍රව්‍යවලින් තොරව සිදු කරන ලෙස නිවසින් ඔහුට උපදෙස් ලබා දී තිබේ එහෙත් ඔහුගේ සමීප මිතුරන්ගෙන් ඔහුට ගැලවීමක් ලැබී නැත. පාටියක් නැතුව මොන මගුල ද යැයි ඔවුන් අසා තිබේ. ඔහු මේ සම්බන්ධව කල්පනා කර ඇත. පසුව ඔහුට කදිම අදහසක් පහළ වී තිබේ. ඒ මිතුරන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය සාදයක් නගරයේදි සංවිධානය කර කෑමට නිවසට ආරාධනා කිරීමය. අදාළ දිනයේ ඔහු සිය අදහස ක්‍රියාත්මක කිරීමට යෙදුනු අතර ඔහු ඒම ස්ථානයේ නොදුරුනේ මගුල් ගෙදර සිටිය යුතු නිසාමය.
සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සාදය ඇරඹුනු අතර එය අවසාන වූයේ එක් අයකුගේ වාහනයේ  විස්ක්‍රින් (ඉදිරිපස වීදුරුව) නැති වීමෙනි. තව අය වැටුණු වැටුණු තැන්වල නිදියි.
මේ අතර තම හිතවතාගේ මගුල් ගෙදර ගොස් යුතුකම් කිරීමට තවතෙක් සිතුවේය.
මිතුරාගේ නිවස කන්දක් උඩ පිහිටියද නිශ්චිතව මගුල් ගේ මතකයක් නොමැත. රාත්‍රිය නිසා වෙරි පිට සැම ගෙදරකම ලයිට් දල්වා ඇති හෙයින් ඔහු එම නිවාසවලට ගොස් මගුල් ගේ මෙහෙදැයි අසා ඇත. ඔහුට ලැබුණු පිළිතුර නැහැ තව උඩ යයි බවය. මග අහමින් උඩට ගිය ඔහු හට එක නිවසක විශාල සංගීත ශබ්දයක් ඇසී ඇතත් එහි සෙනග සිට නැත. ඒම නිවසට ගොස් විමසුවද මෙහි මඟුල් ගෙයක් නැහැ තව උඩහ යනමෙන් පිළිතුර දී තිබේ. තම මිතුරා තමන් බයිට් කරන බව සිතූ ඔහු වෙරි පිටම දෙතුන් වරක්ම එම නිවසින් අසා ඇත්තේ මඟුල් ගේ මෙහෙද යන්නයි. කෝපයට පත් වූ ගෙහිමියා ඉන්නව තමුසෙට මම හොඳ මඟුලක් දෙන්න යැයි පවසා නිවස තුළට ගොස් දෙකේ දෙකේ පොලු කෑල්ල ගෙන ඔහු පසුපස පන්නන්ට වී ඇත. පොල්ල දුටු විට වෙරි හිඳුනා මිතුරා නගරය තෙක්ම වැටී වැටී දිවගොස් ඇත්තේ දෙවියන් සිහිකරගෙනය.
 
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1450										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1450										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කොටහළුව සොයා ගිහින් ගුටි නොකා බේරිලා