IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
ගෑස් සිලින්ඩරය මිලදී ගන්නට ගිය පුද්ගලයා රජයේ රැකියාවක නියුතුව සිට ඉන් විශ්‍රාම ලබා සිටි අයෙකි. හේ තම නිවස එකම දියණියට පවරා බිරිඳ සමග එහි වෙසෙන අතර ත්‍රීරෝද රථයකටද හිමිකම් කියන්නෙකි. අත්‍යවශ්‍යම ගමනකට එය පාවිච්චි කළ අතර නිතර ගමන් බිමන් යන්නේ පාපැදියෙනි. මොහුගේ එකම හා ප්‍රියතම විනෝදාංශය ලොතරැයි පත් මිලදී ගැනීමයි. මිය යන්නට පෙර කෝටියකට වැඩි දිනුමක් ඇදෙන බව හේ දැඩිව විශ්වාස කළ අයෙකි.
නිවසේ ගෑස් අවසන්වීම නිසා දියණියගේ ඉල්ලීම පරිදි ගෑස් අලෙවි කරන නිවස ආසන්නයේම තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලට යාමට සූදානම් වූ විට බිරිඳ පැවසුවේ ත්‍රීරෝද රථයෙන්‍් යාම සුදුසු බවය. “මහ දුරක් නෙවෙයිනෙ මම බයිසිකලෙන් ගේන්නම්”‍ යැයි කියමින් සිලින්ඩරයත් බැඳගෙන ගොස් ඇත. වෙළෙඳ සලට ගොස් මුදල් ගෙවූ පසු සේවකයෙකු පැමිණ ගෑස් කූඩුව හැර ඔහුට ගෑස් සිලින්ඩරයක් ලබාදී ඇත. ඒ සමගම ලොතරැයි පත් අලෙවිකරන යතුරුපැදිකරුවෙකු ද පැමිණ වෙළෙඳ සල ඉදිරිපිට නතර කර ඇත.
ලොතරැයි පත් අලෙවි නියෝජිතවරයෙකුද වන මෙම ලොතරැයි විකුණන්නා පසුගියදා කෝටි දෙකක දිනුමක් අලෙවි කර ප්‍රදේශයේ ජනප්‍රියවී සිටි අයෙකි. වෙළඳ සලට පැමිණ සිටි බොහෝ දෙනෙකු ඔහු වටකර ගත්තේ අදත් ඔහු කෝටි දෙකක් ගෙනත් ඇත යන විශ්වාසයෙන් යුතුව මෙනි.


ගෑස් ටැංකිය මිලට ගත් පුද්ගලයාද එය එසේම තිබියදී එතනට දිව්වේ තමාට හිමි කෝටි ගණනක දිනුම එම ලෑල්ලේ ඇතැයි යන විශ්වාසයෙනි. එක ටිකට් පතකින් කෝටියක් ඇදෙන බව විශ්වාස නොකළ ඔහු මහත් වෙහෙස දරා ටිකට්පත් පහක්ම තෝරා ගත්තේය.
අනතුරුව පාපැදියත් රැගෙන ගෑස් කූඩුව ළඟට පැමිණි ඔහුට දෙවියන් සිහිවූයේ ගෑස් ටැංකිය අතුරුදන්වී තිබූ බැවිනි. කරකියා ගතහැකි දෙයක් නොමැතිව ඔහු පශ්චත්තාපව සිටි අතර වෙළඳසල් හිමියා විසින් ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී රතු පැහැති ත්‍රීරෝද රථයකට ගෑස් ටැංකිය පටවන ආකාරය එහි නිරූපණයවී ඇත.
පසුව ඔහු පොලීසිය වෙත ගොස් සිද්ධිය පැමිණිලි කළ අතර එහිදී දැනගන්නට ලැබී ඇත්තේ අදාළ ත්‍රීරෝද රථය මෙම ප්‍රදේශයේ එකක් නොවන බවය. සිද්ධිය එසේ අවසන් වුවත් ගමේ කොල්ලො කුරුට්ටන් මගදි ඔහු හමුවූවිට “මාමට ළඟදී කෝටියේ දිනුමක් ඇදුන නේද ?”‍ යි අසනවිට මවුපියන් සිහිපත් කරන බවද තතු දත්තෝ පවසති.

 



අදහස් (0)

“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site