IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොටන්න ගෙනා වී ගෝනියෙන් රත්තරන් මතුවෙලා

(හංවැල්ල එච්.එස්.ඒ. නන්දන)
හංවැල්ලට නුදුරු වී සහල් කරන (වී කොටන) ස්ථානයකින්  රන් මාල හමුවීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධිය මෙසේය.


එක්තරා පුද්ගලයකු (ව්‍යාපාරිකයෙකු) වී මල්ලක්  (ගෝනියක්) රැගෙන හංවැල්ල ට නුදුරු තුන්නාන වී කොටන ස්ථානයකට පැමිණියේ අවුරුදු සමයෙන් පසු තම කුඹුරෙන් කපාගත් වී ගෝනියක් සහල් කර ගැනීමටය. 


ඔහු පැමිණි අවස්ථාවේදී රැගෙන පැමිණි වී ගෝනිය වී කොටන ස්ථානයේ තබා යාමට සිදු වූයේ එම අවස්ථාවේ වී කෙටීම නොකරන හෙයිනි. වී කොටන ස්ථානය ගැන පවතින විශ්වාසය මත වී කෙටීමට පැමිණි බොහෝ පිරිස් තම වී මලු‍ තබා යෑම පුරුද්දක් ලෙස කරති. එසේම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම වී මෝලට වී කෙටීම සඳහා පැමිණෙති. එහි දහයියාද රැගෙන යාමටද බොහෝ පිරිස් පැමිණෙති.
තබා ගිය වී ගෝනියක වී මෝලට දමා කොටන අවස්ථාවේදී එහි රත්රන් මාලයක් දැක වී මෝල් හිමියා වහා එය ඉන් ඉවතට ගත්තේය. වී මෝල ක්‍රියා විරහිත කර තවතවත් පරීක්ෂා කරද්දී තවත් රන් මාලයක් හමු විය.


වී රැගෙන පැමිණි පුද්ගලයා වී සහල් කිරීමෙන් පසු රැගෙනයාමට පැමිණි අතර එම අවස්ථාවේදී මෝල් හිමියා කොටන ලද සහල්වලට මුදල් රැගෙන රන් මාල දෙකක්ද දුන්නේය. තුෂ්නීම්භූත වූ ඔහු අවුරුදු තෑග්ග දැයි සිතා සිනාහමුසුව දෑතට ගත්තේය.


සිද්ධිය දැනගත් ඔහු වහා බිරියට දුරකතනයෙන් කතා කර විමසා ඇත්තේ තමන්ගේ රන් ආභරණ සඟවා ඇත්තේ කොහේද කියාය. මම ඒවා වී ගෝනියක හැංගුවා යැයි කී ඇය වහා නිවසේ වී ගෝනිවල රන් ආභරණ සොයන්නට වූවාය. රන්මාල නොමැතිව කලබලයට පත් ඇය සැමියා ගෙන ගිය වී ගෝනියේ රන් බඩු ඇතැයි කලබලයෙන් වී මෝලට දිව ගියාය. සැමියා අත තිබූ රන් මාල දෙක අතට ගත් ඇය කෝ අනිත් ඒවා යැයි ඇසුවාය. තවත් රන් ආභරණයක කැබලි කීපයක් සොයා ගත්තද දහයියා කන්දෙන් ඉතිරි කොටස් සෙව්වද සොයා ගත නොහැකිව ඈ ළතවූවාය.


 අවසානයේ ඇය සැමියා සමග  නිවසට පිටත් වූයේ මෝල් හිමියාට ස්තුති කරමිනි.



අදහස් (0)

කොටන්න ගෙනා වී ගෝනියෙන් රත්තරන් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site