(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ නගරයට නුදුරු පෙදෙසක නිවැසියෝ තම නිවසට කිසිවකු හදිහූනියම් කළැයි බලවත් විශ්වාසයකින් සිටියහ. එකිනෙකාගෙන් මේ ගැන කියමින් තොරතුරු විමසුවේ හොඳ කට්ටඬියකු සොයාගෙන හූනියම කපන අදහසිනි. ඔවුනට ලැබුණු තොරතුරු අනුව නිවසේ මූලිකයා සබරගමුව පළාතේ කට්ටඬියකු හමුවිය. නිවසට කිසිවකු හූනියමක් කර ඇති බවට තමන්ට ඇති සැකය ගැන ද කියූ ඔහු තම නිවසට ශාන්තියක් කර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අනුව දින වකවානු කතිකා කර ගනු ලැබීය. ගාස්තුව ද නියම විය. එය රුපියල් හතළිස් දහසක් විය. නියමිත දිනයේ සවස යකැදුරා තවත් සගයකු සමඟ නිවසට ආයේය. නිවැසියාගේ පවුලේ හිතවතුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටි අතර පවුලේ ඥාතියකු වන වැඩිහිටියකු මේ ගැන බැලුවේ සැක සිතින්ය. තමන්ගේ මූලික පේවීමේ කටයුතු කර ගැනීම සඳහා දොර වැසිය හැකි කාමරයක් අවශ්‍ය බව දැන්වීය. ඒ අනුව නිවසේ ඉදිරිපස කාමරයක් සූදානම් කෙරිණි. ඒ කටයුතු පැවරුණේ මේ ගැන සැකයෙන් බැලූ ඥාතියාටය. කට්ටඬියා කාමරයට ගොස් දොර වසා ගත්තේය. ඒ අතර ඥාතියා ක්‍රියාත්මක වූයේය. වහලට නැගි ඔහු උළු කැට අතරින් ඇතුළේ වන දේ ගැන දැඩි විමසිල්ලෙන් සිටියේය. ශාන්තිකර්මයේ කටයුතු සඳහා ගෙනා පොල් මල පැත්තකින් සිදුරු කළ කට්ටඬියා තඹ පටියක් එයට ඇතුළු කළේය.
වහලෙන් බට ඥාතියා සුදුසු අවස්ථාවක් එනතුරු බලා සිටියේය. රෑ බෝවීමෙන් පසු තෝත්තරය ඇරඹිණි. හූනියම වළ දමා ඇති ස්ථානය පෙන්වා දෙනු ලැබීය. ඒ ස්ථානයේ බිම් කොටසක පස් ඉවත් කරන ලෙසට අණ ලැබිණි. ඒ අනුව ඉවත් කෙරුණු පස් වතුර පිරුනු භාජනයක දමා පොල් මලෙන් කූරු ගා පරීක්ෂා කරන ලෙස කට්ටඬියා දැන්වීය. කට්ටඬියා පොල් මල නිවැසියා අතට දෙද්දී ඥාතියා ඒ මැදට පැන්නේය. පොල් මල පරීක්ෂා කළ යුතු බව කීය. එසේ කිරීම දෙවියන්ට කරන අගෞරවයක් බව කට්ටඬියා කියද්දී ඥාතියා විරෝධය පා පොල් මල ගෙන පරීක්ෂා කළේ සියලු දෙනා බලා සිටියදීය. සිහින්ව රෝල් කළ තඹ පටිය බිම වැටෙද්දී කට්ටඬියා පලා ගියේ ඇඳි වත පිටිනි. කිසිත් නොදන්නා සහායකයාට පිරිසෙන් ගුටි පූජාවක් ලැබිණි. අන්තිමේ සහායකයාට ගමන් වියදම් දී පිටත් කර හරින්නට නිවැසියන් කටයුතු කළේ තමන් ලොකු රැවටීමකට අසුවූ බව තේරුම් ගැනීමෙන් පසුවය
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කට්ටඬියාගේ උප්පරවැට්ටිය අතේ මාට්ටු වෙලා