IMG-LOGO

කෑගහන ‘මවුසයෙන්’ නිවැසියෝ හොල්මන් වෙති

(කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටියට නුදුරු තාක්‍ෂණය උපරිමයෙන් භාවිත කරන එක්තරා නිවසකි. ආරක්‍ෂිත කැමරා සවිකොට තිබූ එම නිවසේ කැමරා උපකරණයක මතු වූ යම් කාර්මික දෝෂයක් නිවැරදි කිරීමට පැමිණි කාර්මික ශිල්පියා නිවැසියන්ගෙන් පරිගණක මූසිකයක් (මවුස් එකක්) විමසා සිටිනමුත් අදාළ නිවසේ තරුණයා නොමැති හෙයින් මවුසයක් ඉල්ලා ගැනීමට යාබද නිවසට යාමට සිදුවිය.


එම නිවසෙහි ද ඒ මොහොතේ සිට ඇත්තේ මව පමණක් වුවත් මවුස් යැයි කී පමණින්ම ‘ආ ඉන්නකො මම පොළෙන් අපේ මිනිපිරියට ගෙනැවිත් දුන්නා’ යැයි කියමින් නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සොයන්නට වූවාය. සොයමින් යන අතරමගදී ‘ඒකට නමට තව කෑල්ලක් තියනවා නේද?’ යැයි විමසමින් සෙවීම අත් නොහැරියාය.


කෙසේවෙතත් බොහෝ වේලාවක් මවුසය සොයමින් සිටියදීම කාර්මික ශිල්පියා ද එම නිවසට පැමිණ සෙවීම අපහසුනම් වෙනත් වේලාවක පැමිණෙන බව දන්වමින් පිටත්වන්නට සූදානම් වූ අවස්ථාවේදීම නිවෙස් හිමි කාන්තාව සතුටින් කෑගසමින් ‘මෙන්න හම්බුණා මේක මමමයි අපේ මිනිබිරියට සති පොළෙන් ගෙනත් දුන්නේ’ යැයි කියමින් මිරිකීමේදී කෑගැසීමේ හඬ නිකුත් වන මිකී මවුස් කෙනෙක් ගෙනැවිත් දී ඇත. නමට තවත් කෑල්ලක් තියනවා යැයි සිතන්නට ඇත්තේ ‘මිකී’ යන කොටස විය හැකි යැයි පිරිසට තේරුම් ගැනීමට ද මහ වේලාවක් නොගියේය.


පසුව කරකියා ගන්නට කිසිත් නැති වූ කාර්මිකයා සහ සී.සී.ටී.වී. නිවසේ කාන්තාව සිනහව තද කරගෙන අදාළ අසල්වැසි කාන්තාවට කරුණු වටහා දී පිටත්ව ඇත.

 



අදහස් (0)

කෑගහන ‘මවුසයෙන්’ නිවැසියෝ හොල්මන් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site