(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
රාත්රියේදී නිවසකින් කුකුළකු සොරකම් කොට යමින් සිටියදී ළිඳේ වැටුණු කුකුළු හොරා කුකුල් හොරකු බව නොදැන කුකුළා අයිතිකරුම ඔහු ළිඳෙන් ගොඩගෙන උවටැන් කොට යැවූ අපූරු පුවතක් දකුණෙන් වාර්තාවේ.
හේ කුකුළු මස් කෑමට දැක්වූයේ දැඩි ගිජුකමකි. ඒ සඳහා අතමිට නැති ඔහු කළේ කුකුළකු හොරකම් කිරීමය. තමා වාසය කළ ගමේම කුකුළන් හොරකම් කොට ඇති නිසා ඔහු කුකුළු හොරකු ලෙස ගමේම ප්‍රසිද්ධය. මේ නිසා එහු තමාගේ ගම්මානයෙන් කුකුළන් හොරකම් කිරීම නතරකර දැමුවේ මීට ටික කාලයකට පෙර සිටය.
එදා රාත්‍රියේද ඔහු නොදන්නා ඉසව්වක කුකුළු කූඩුවකට බැස්සේය. අතට හසුවූ එකම කුකුළාගේ බෙල්ල මිරිකා සතා නිශ්ශබ්ද කරනවාත් සමගම ගෙදර බල්ලාගේ බිරුම් හඬ ආවේය. එයට ක්‍රියාත්මකවූ ඔහු බල්ලා මගහැර යාමට හනි හනිකට දිව ගියේය. ඒත් එක්කම ඔහු ගැඹුරු ළිඳකට වැටුණේය. බුදු අම්මෝ මම ඉවරයි යන මර ලතෝනියත් සමගම ඔහු වැටුණු ළිඳ ළඟ මුරකරගෙන බල්ලා බුරණ හඬ ඇසූ නිවැසියෝ වහාම ළිඳ ළඟට දිව ආවෝය. ඒ සමගම ළිඳේ කෙනෙකු වැටී සිටින බව ඔවුහු දුටුහ. අනේ මාව බේරගන්න. මම බූරුවා ගහන්න ගිහිල්ලා පොලිසියෙන් පැන්නා. පොලිසියෙන් බේරෙන්න දිවගෙන එනකොට මම මේ ළිඳේ වැටුණා යයි කීවේ අතේ සිටි කුකුළාද දිය යටට යාමට සලස්වමිනි.
ඔහුගේ ඒ කීම ඇසු නිවැසියෝ වහා ක්‍රියාත්මකවී කඹ දමා ඔහු ගොඩට ගත්හ. සීතලයට ගැහෙමින් සිටි ඔහුට තෙත ඇඳුම් වෙනුවට ඊට වෙනත් ඇඳුම්ද දුන්හ. එයින් නොනැවතුණු ඔවුහු ඔහුට උණු උණුවේ බොන්නට කෝපි කෝප්පයක්ද දුන්හ. පොලිසියට බැන බැන ඔවුනට පිං දිදී කුකුළු හොරා එතනින් නික්ම ගියේ තමන්ගේ දිවිය මෙන්ම කුකුළු හොරකමෙන් බේරුණා යයි කියමින්ය.
ඊට පසුදින ගෙහිමි කාන්තාව ළිඳ ළඟට ගියේ වතුර ගෙන ඒමටය. වතුර බාල්දිය දමා ළිඳට එබුණු කළ ඇයට තමන්ගේම කුකුළු කූඩුවේ සිටි කුකුළකු පාවෙමින් සිටිනු දුටුවාය. ඇය වහාම මේ බව සිය සැමියාට පැවසුවාය. තමන් රාත්රියේදී ළිඳෙන් ගොඩට ගෙන උවැටන් කර යවා ඇත්තේ කුකුළු හොරාට නේදැයි දැනගත් ඔවුන්ගේ කෝපය නිම්හිම් නැතිව ගිය අතර ඒ වෙනුවෙන් ඔවුන් දෙස්දොවොල් තිබ්බත් යළි කුකුළු හොරා අල්ලා ගැනීමටද නොහැකි විය.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කුකුළු හොරා කුකුළු හිමියාත් ගොනාට අන්දලා
නලීන් Wednesday, 22 June 2016 01:11 AM
ජයරත්න සොහොයුරා හරියටම හරි. පේනවනේ අපේ මහා බැංකුවෙම මගඩිය. (නි)
පියල් Monday, 20 June 2016 08:14 AM
කුකුළු හොරාට ගණදෙවි නුවණ පහළවෙලා (නි)
ජයරත්න Monday, 20 June 2016 12:26 PM
ලංකාවේ හුඟ දෙනෙකුට ඇත්ත තේරෙන කොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි.(ම)