(වියලුව වාර්තාකරු)
පාදයක ආබාධයක් ඇතැයි පවසමින් නිවෙසේ කටයුතු මග හරිමින් තම ඥාතීන්ගෙන් ඇප උපස්ථාන ලබමින් ඥාතීන් පමණක් නොව ප්‍රදේශවාසීන් ද මුළාවට පත් කරමින් සිටි පුද්ගලයකු නිවෙසට බඹර රංචුවක් කඩා වැදුණු පුවතක් අසා අතේ තිබූ අත්වාරුව ද විසි කර නිවෙසේ සිටි තම ඥාතීන් ද පෙරළා දමා හැල්මේ දිවූ බව කියවෙන පුවතකි.

සිද්ධිය මෙසේය.
විවාහකයකු වුව ද ඔහු උපන්ගෙයි කම්මැලියෙකි. මීට කලකට පෙර ගසකින් ඇද වැටීම නිසා පාදයක ආබාධයකින් පෙළුණු හෙතෙම වෛද්‍ය ප්රතිකාරවලින් සුවය ලබා සිටිය ද තමුන්ට තවමත් සුවයක් නැතැයි පවසමින් හැරමිටියක ආධාරයෙන් එහා මෙහා ගමන් කළේ කිසිදු වැඩපළක් ද කළ නොහැකි බව පවසමිනි.
මේ නිසාම දරුවන්ගේ දෛනික කටයුතු මෙන්ම නිවෙසට අවශ්‍ය ආහාරපාන ආදිය සපයා ගන්නට ද ඔහුගේ බිරියට සිදු වූයේ කළ හැකි අන් මගක් නොමැති නිසාවෙනි.
එදිනෙදා කුලියක් කර කීයක් හෝ සොයා ගන්නා බිරියට නිවෙසට පැමිණ ඇතැම් විට ආහාර පිළියෙල කරන්නට ද සිදු වූයේ ඔහුගේ කම්මැලිකම නිසාය. එහෙත් සැබැවින්ම තම සැමියාට කිසියම් ආබාධිත තත්ත්වයක් ඇතැයි සිතූ ඇය ඒ පිළිබඳ කිසිත් නොකියා ඔහුට ද හැකි අයුරින් ඇප උපස්ථාන කළේය.
එය වාසියකට ගත් මෙම පුද්ගලයා ද සියලු ගමන් බිමන් හැරමිටිය ආධාරයෙන් සිදු කළ අතර, කඩපළට ගිය ද රජයේ ආයතනයකට හෝ රෝහලකට ගිය ද තම ආබාධය පෙන්වා එතැනින් විශේෂ සැලකිලි ලබා ගන්නට තරම් කෛරාටික වූයේය.
පසුගිය දිනක හිටි හැටියේම දෙබර රංචුවක් මෙම නිවෙසට කඩා වැදුණේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. දෙබර රංචුවක් කඩා වදින බව පවසමින් අසල්වැසි නිවෙස් කිහිපයක පිරිස් ද හිස් ලූ ලූ අත දිව යන්නට වූ අතර, මෙම පණිවිඩය කන වැකුණු මෙම ආබාධිතයා ද අතේ වූ හැරමිටිය ද පසෙකට විසිකර ඔවුන්ටත් පෙර දිව යන්නට වූයේ තම ආබාධිත බව ද අමතක කර දමමිනි.
මෙතෙක් කලක් ඔහු අනුගමනය කළ උප්පරවැට්ටිය ඇස් පනාපිටම දැකගත් ඥාතීන්, වැඩට ගොස් නිවෙසට පැමිණි ඔහුගේ බිරියට සියලු තතු පවසා සිටියේ තවදුරටත් ඔහු නිවෙසේ තබාගෙන ඇප උපස්ථාන කළ යුතු නැති බව ද පෙන්වා දෙමිනි.
දැන් ඔහු ද බිරිය සමග කුලී වැඩට යන බව ප්‍රදේශවාසීහු පවසති.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කකුලේ අමාරුවට ගෙදර සිටි සැමියා බඹරු දැකලා පිම්මේ දුවලා