IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


එළුවන් කෑම

මේ දවස්වල ට්‍රැක්ලන්තේ කැළඹිලා තියෙන්නේ ජනාධිපතිවරණය නිසානේ. අපා දෙපා සිවුපාවගේ ඉදන් හැමෝම ඉන්නේ ජනාධිපතිවරණ සීන් එකේ. ඒකත් ඉතින් හරියට එළුවන් කෑම වගේ. එළුවා තමා රට වටේට ඉන්නේ අපේ ට්‍රැක් වැසියෝ ජනාධිපති අපේක්ෂකයෝ ටික තමා එළුවව ඉල්ලන් එන කොටි ටික. එක එක අපේක්ෂකයෝ එක එක ස්වරූපවලින් ජනතාව අතරට ඇවිල්ලා මේ එළුවව ඉල්ලනවා. ආදරෙන් ඉල්ලලා බලනවා, පොඩි සද්දයක් දාලා ඉල්ලලා බලනවා , එළුවා ගැන පුදුමාකාර හැඟීමකින් ඉල්ලලා බලනවා , දුක හිතෙන කතා කිය කිය ඉල්ලලා බලනවා. නොයෙක් නොයෙක් ස්වරූප වලින් ට්‍රැක් වැසියන්ගෙන් එළුවව ඉල්ලලා බලනවා. ට්‍රැක් වැසියොත් මේ දුක් අදෝනා අහලා ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. ට්‍රැක් වැසියන්ටත් හිතා ගන්න බෑ කාට දෙන්නද කියලා.

ඔන්න එක්කෙනෙක් මාර හොඳවේගෙන එනකොට එයාගේ මොකාක් හරි ජල්තර වැඩක් කරළියට එනවා. ඕං ඉතින් වැසියන්ට එයාව එපා වෙනවා. ඊට පස්සේ විකල්ප හොයනවා. ඕං ටික කාලෙකින් එයාගෙත් අලුගුත්තේරු කතාවක් කරළියට එනවා. ඔහොම ඔහොම දිගින් දිගටම වෙන නිසා ට්‍රැක් වැසියන්ට තවත් ට්‍රැක් පැනලා ඉන්නේ කාට භාර දෙන්නද කියලා හිතාගන්න බැරුව.

වයිෆයි දෙන්නම් රළහමි දෙනවද එළුවා.. , කොච්චර දුන්නත් රළහමි නොදෙනෙමි එළුවා

සංවර්ධනය කරන් නම් මේ රට දෙනවද එළුවා.. , කොච්චර කෙරුවත් රළහමි නොදෙනෙමි එළුවා

ඉඩම් බෙදන් නම් රළහමි දෙනවද එළුවා.. , කොච්චර බෙදුවත් රළහමි නොදෙනෙමි එළුවා

රැකියා දෙන්නම් රළහමි දෙනවද එළුවා.., කොච්චර දුන්නම් රළහමි නොදෙනෙමි එළුවා

ආර්ථිකේ හදන්නම් රළහමි දෙනවද එළුවා.., කොච්චර හැදුවත් රළහමි නොදෙනෙමි එළුවා

ලැප්ටොප් ටැබ් දෙන්නම් රළහමි දෙනවද එළුවා.., කොච්චර දුන්නත් රළහමි නොදෙනෙමි එළුවා

ආදී වශයෙන් අපේක්ෂක උන්දැලා ට්‍රැක් වාසීන්ට විවිධාකාර වූ පොරොන්දු දිදී උත්සහ කරන්නේ චන්දේ දිනාගන්නනේ.අනේ ඉතින් මේ දවස්වල තමන්ට වඩා හොඳ කවුරුත් නෑ උන්දැලැට. උන්දැලා කියන විදිහට නම් උන්දැලා රහසින්වත් පව් නොකල ඇත්තෝ. අනේ සාදු.. මුන්දැලා මේ පොරකන්නේ අපිට තියන ආදරේට රට හදන්නනේ. අනේ මෙහෙමත් ආදරයක් ඉතින්. මතක් වෙද්දිත් හිත සතුටින් පිනා යනවා.

බලය බෙදාගන්න ඕනවට කල්ලි කල්ලි එකට එකතු වෙලා. දැන් නේ පේන්නේ මුන්දැලාගේ සහයෝගේ හත්තික්කේ මෙච්චර කල් මේ සහයෝගේ කොහෙ තිබුනද මන්දා. ඉස්සර ස්ටේජ් වල ප්‍රසිද්ධියේ අපහාස කරගත්තු පක්ෂ , මේං බොලේ දැන් කරට අත දාන් සහයෝගෙන් ඉන්නවා. අනේ ඉතින් ට්‍රැක් වාසීන්ගේ තවට්ග් ට්‍රැක් පනිනවා මේවා බලලා. මාසෙකට දෙකකට කලින් නයි මුගටි වගේ පාර්ලිමේන්තුවල ඇණකොටාගත්තු පක්ෂ මේං කියනවා සහයෝගෙන් එකතු වෙනවලු ජනාධිපතිවරනෙට. අනේ ඉතින් මේ ඔක්කොම රටට ආදරේටනේ.

හැබැයි ඉතින් මේ නාටක දැකලා දැකලම දැන් බහුතරයක් ට්‍රැක්වාසීන් දන්නවා මොකාටද එන්නේ කියලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බහුතරයක් සියලු දෙනා නෙමෙයි. තාමත් ඉන්නවා සමහර උන්දැලෑ. පරම්පරා පක්ෂ , කැපුවත් අහවල් පාට කියලා කියාගත්තු. ඒ උත්තමයෝ ඉන්නකන් පාලක ඇත්තොන්ට රජ මඟුල් ඉතින්. ට්‍රැක්වාසීන් සියලු දෙනාම පාට පක්ෂ වලට වහල් නොවී මේ පාරවත් රට භාරදෙන්න පුළුවන් සුදුසුම පුද්ගලයෙක්ට රට භාරදෙන එකයි හොඳ. නැත්තන් ඉතින් හැමදාම වගේ කොටි රැළකට එළුවව දීලා කන හැටි බලන් ඉන්න තමා වෙන්නේ.

ජයනි සිතාරි අල්විස්

 



අදහස් (0)

එළුවන් කෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16949 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site