බීමතින් පැමිණි දෙදෙනකු මියගිය ඥාතියකුගේ සිරුර සමග අවමංගල රථය පැහැරගෙන ගොස් අතරමග දමා පලා යාමේ සිද්ධියක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.
ඉකුත් දහ නව වැනිදා හක්මන කැබිලියපොළ ප්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණයකු හදිසියේ මිය ගිය අතර මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු සිරුර පවුලේ ඥාතීන්ට භාරදුන් අතර ඉන් පසු මිය ගිය අයගේ සිරුර එම්බාම් කිරීම සඳහා වලස්මුල්ල රෝහල අසල මල් ශාලාවකට භාර දී තිබූ බව පොලිසිය පවසයි.
මල්ශාලා සේවකයන් සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව එය අවමංගල රථයේ තබා මෘත දේහය නිවසට රැගෙන යාමට සූදානම් වීම සඳහා මල් ශාලාව තුළට ගොස් ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයට බීමතින් පැමිණි මරණකරුගේ ඥාතීන් දෙදෙනකු අවමංගල රථය රැගෙන පලාගොස් ඇති අතර මල් ශාලාවේ හිමිකරු වෙනත් වාහනයකින් අවමංගල රථය පසු පස ලුහුබැඳ ගොස් තිබේ. එලෙස යන අතරතුර පොලිසිය දැනුම්වත් කිරීමට ද මල්ශාලා හිමිකරු කටයුතු කරනු ලැබීය. අවමංගල රථය රැගෙන පලාගිය සැකකාර ඥාතීන් දෙදෙනා මෘත දේහය සහිත රථය අතරමග දමා පලාගොස් සිටි අතර මල්ශාලා හිමිකරු එම ස්ථානයට ගොස් මියගිය අයගේ සිරුර රැගෙන ගොස් පවුලේ ඥාතීන්ට භාරදීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
බීමතින් පැමිණ බලහත්කාරයෙන් මෘත දේහයක් පැහැර ගෙන ගිය සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එම්බාම් කළ මිනිය මල් ශාලාවේදී අතුරුදන්