IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එක පෙම් කතාවෙන් හුටපට ගොඩක් එළිබැහැලා

  • හක්මන විශේෂ දෙනගම-යසන්ත ආරියසේන     

තාත්තාගේ බැංකු කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන පන්ති ගාස්තු ගෙවීමට අවශ්‍ය මුදල් පෙම්වතාට ලබාදී ඇති අතර එම මුදලින් පන්ති ගාස්තු වෙනුවට වෙනත් කෙල්ලකට දුරකතනයක් තෑගි කළ අපූරු පෙම්වතකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.

පෙම්වතියගේ වයස අවුරුදු දහඅටක් වූ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටි පෙම්වතාගේ වයස අවුරුදු දහසයක් වන බව පැවසේ. දෙදෙනාම එකම පාසලේ ඉගෙනුම ලබති. 

පෙම් හබයට වසරක් පමණ කාලයක් ගත වී ඇති අතර දෙදෙනා වැඩිහිටියන්ට නොදැනෙන ලෙස අතරමගදී හමුවීමට ද අමතක නොකළහ. උපකාරක පන්තියට ගෙවීමට මුදල් නොමැති බව පෙම්වතා සිය පෙම්වතියට පැවසීම නිසා තාත්තාගේ බැංකු කාඩ්පත හොරෙන් ලබාගෙන ඉන් මුදල් ගෙන පෙම්වතාට ලබා දී  පන්ති ගාස්තු ගෙවන ලෙස  පෙම්වතිය පැවැසුවාය. 

පෙම්වතා මුදල්ද රැගෙන මිතුරකු සමගින් නගරයට ගියේය. පෙම්වතියගෙන් ලැබුණු රුපියල් දස දහසක මුදලින් දුරකතනයක් ඔවුහු මිලදී ගත්හ.

පෙම්වතිය පාසල් නිවාඩුව අවසන් වී පාසල් ගිය පසු යහළු යෙහෙළියන් සමග සතුටු සාමීචියේ යෙදී සිටින අතර යෙහෙලියක පවසන ලද විස්තරයක් නිසා පෙම්වතියට උන්හිටි තැන් අමතක විය. යෙහෙලියගේ නැගණියට ඇයගේ පන්තියේ ඉගෙනුම ලබන පෙම්වතා විභාගය අවසන් දිනයේ දුරකථනයක් තෑගි ලබා දී ඇති බව පවසමින් තම පෙම්වතාගේ නම සඳහන් කිරීම නිසා ඇයගේ කේන්තිය දෙගුණ තෙගුණ විය.

පෙම්වතියගේ පියා බැංකුවට ගිය විට දින කිපයකට පෙර ගිණුමෙන් මුදල් අඩුවීම සම්බන්ධයෙන් විමසා සිටි අතර ඒ පිළිබඳව විමර්ශනයක් කළ බැංකු නිලධාරින් ඔහුට පවසා සිටියේ ගැහැනු ළමයකු පැමිණ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ලබාගෙන ඇති බවය. බැංකුවෙන් පෙන්වන ලද දර්ශනවල සිටින්නේ තම දියණිය බවත් ඇයගේ වුවමනාවකට මුදල් ගන්නට ඇතැයි පවසා පියා බැංකුවෙන් පිටව ගියේය.

නිවෙසට පැමිණි පියා මවටද විස්තරය පවසා දියණිය පාසල් ගොස් පැමිණි පසු ඒ පිළිබඳව විමසීමේදී බැංකු කාඩ්පත සොරකම් කර පන්ති ගාස්තු ගෙවීම සදහා පෙම්වතාට මුදල් ලබා දුන් බව සියල්ල මුල සිට අගට වමාරන්නට වූවාය. 
පෙම්වතියගේ මව්පිය දෙදෙනා පෙම්වතාගේ නිවස සොයා ගිය අතර පෙම්වතාගේ මව්පියන් දුටු දෙදෙනා තුෂ්නීම්භූත වූහ. පෙම්වතාගේ මව්පියෝ දෙදෙනා පාසල් යන කාලයේදි එකම පන්තියේ ඉගෙනගත් අය වූහ. 

වැඩිහිටියන් හතර දෙනා සිද්ධිය සාමදානව සාකච්ඡා කළ අතර පෙම්වතා ඔවුන් හමුවට කැඳවා විමසීමක්ද කළහ. පෙම්වතියගෙන් ලබාගත් මුදල්වලින් දුරකථනයක් මිලදී ගෙන තවත් කෙල්ලකට තෑගි දුන් බවත් ඇය නියම පෙම්වතිය බවත් පෙම්වතා පැවසීම නිසා වැඩිහිටියන් හතර දෙනාට කර කියාගත හැකි දෙයක් නොවීය.

මෙයට පෙර අවස්ථාව කිහිපයකදී ද පෙම්වතිය මෙලෙසම මුදල් ලබාදී ඇති බවත් එම මුදල්ද නියම පෙම්වතිය වෙනුවෙන් වියදම් කළ බවත් පෙම්වතා පැවසීය. 

පෙම්වතාගේ වැඩිහිටියෝ දෙදෙනා  රුපියල් දස දහසක මුදල පෙම්වතියගේ මව්පියන්ට ලබා දී සමාව අයැද සිටියහ. සිද්ධිය සමථයකට පත් වුවද පෙම්වතා සිද්ධිය යහළුවන්ට පැවසීම නිසා කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.

 



අදහස් (0)

එක පෙම් කතාවෙන් හුටපට ගොඩක් එළිබැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17746 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site