බස් රථයක තද වී ගිය මගියකුට ගිය කිවිසුමක් නිසා ආසන දෙකක්ම හිමිවීමේ පුවතක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දැන ගන්නට ඇති අයුරින් සිද්ධිය මෙසේයි
එය කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයක සිට ගම්බද ප්‍රදේශයකට ගමන් ගන්නා බස් රථයකි. එම ගමට ඇති අවසන් බස් රථය නිසා බස් රිය මගීන්ගෙන් පිරී පැවැතිණ.
බස් රිය ටික දුරක් ගමන් ගනිද්දී බෑග් එකක්ද අතින්ගත් මැදිවියේ පුද්ගලයෙකු බස් රියට නැඟ අපහසුවෙන් සෙනග අස්සේ හිරව සිටියේය. බස් රිය ගමන් කරමින් තිබියදී එම මගියාට එක්වරම කිවිසුමක් ගියේය. ඒ අසල ආසනයේ වාඩි වී සිටි දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්හ. තව ටිකක් දුර යනවාත් සමඟ තවත් කිවිසුමක් ගියේය. එයත් සමඟ ළඟ අසුන් දෙකේ සිටි දෙදෙනාම නැඟිට ක්ෂණිකව ඉදිරියට ගිය අතර අපහසුවෙන් සිටගෙන සිටි කිවිසුම් ගිය මගියා එම ආසන දෙකේම සුව පහසුව සැදීපැහැදී හිඳගෙන යනු දක්නට ලැබිණ.
(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එක කිවිසුමෙන් ෂීට් දෙකක්
jagath Tuesday, 10 March 2020 01:35 PM
කොරෝනා...!!!