IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


එකොළහෙ දැරියගේ මල්වර මඟුලට දොළහෙ දරුවකුගෙන් ටොෆි

(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු එකොළහක දැරියකගේ මල්වර මංගල්‍යය පිළිබඳව ආරංචි වීමෙන් පසු ඒ සතුටට තම මිතුරන්ට ටොපි සංග්‍රහයක් පැවැත්වූ අවුරුදු දොළහක දරුවකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ අධ්‍යාපන ආයතනයකිනි.


සිය යහලුවන්ගෙන් එකතු කළ මුදල් හා සිය පියාගෙන් ඉගෙනුම් කටයුතුවලට ලැබුණු මුදල් එකතුකොට මෙම සංග්‍රහය පවත්වා ඇති අතර තම වයසේ යහළුවන් කීප දෙනෙකු ඊට එකතු වී තිබේ.


මේ අපූරු පුවත ආයතනයේ ප්‍රධානියාටද සැලවී ඇති අතර ඔහුගෙන් දෙමාපියන් ද මේ බව දැනගෙන දරුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එකී දැරියගේ නම කියමින් යහළුවන් තමාට විහිළු කරන බවත් මෙය තවත් විහිළුවක් බවත්ය. එහෙත් දරුවාගේ පියා මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවට ආරංචි පැතිර තිබේ.



අදහස් (3)

එකොළහෙ දැරියගේ මල්වර මඟුලට දොළහෙ දරුවකුගෙන් ටොෆි

jayath Saturday, 04 August 2018 07:14 AM

දැන් ඉන්නේ හුඟක් ළමා අප්පොච්චිලා නොවැ.. හොයල බලලා බන්දලම දුන්නා නම් හරි !

:       21       170

බණ්ඩාර -කැකිරාව Saturday, 04 August 2018 02:23 PM

"කොහොමද ටිකිරි මොලේ"

:       0       28

දිලංක Wednesday, 08 August 2018 04:09 PM

හොඳින් වැඩෙන දරුවෙක්... තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site