(කැලණිය ලාල් එස්. කුමාර)
නිවසේ අප ජලය ප‍්‍රධාන මාර්ගයට බැහැර කළ කාන්තාවකගේ හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ ගෙහිමි කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය කැඳවා එම කාන්තාවගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේදී ‘‘හැඳුනුම්පත් එකක් නොවෙයි දෙකක්ම මට තිබෙනවා’’ යැයි මහත් උජාරුවෙන් විමසා හැඳුනුම්පත් දෙකක්ම ඉදිරිපත් කළ කාන්තාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතා පැවසීය.
ඩෙංගු මර්දන වැඩසටහනකට අනුව නිවාස හා ගෙවතු පරික්ෂාවක් ඉකුත්දා (25) කැලණිය පොල්හේන ප‍්‍රදේශයේදී සිදුවිය. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන කේ.කේ.ඒ. ප‍්‍රියදර්ශන සහ දසුන් දිසානායක මහත්වරුන් විසින් නිවෙසක අප ජලය මාර්ගයට දමා තිබූ කාන්තාවකගෙන් ඒ පිළිබඳව විමසා ඇයගේ හැඳුනුම්පත ඉල්ලා ඇත. ඇය එය ප‍්‍රතික්ෂේප කර ඇත.
ඉන්පසුව පෑලියගොඩ පාරිසරික ඒකකයේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතා පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව එම කාන්තාවගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇත. එහිදී ඇය එකක් නොවෙයි දෙකක්ම තිබෙනවා යැයි මහත් උජාරුවෙන් පවසමින් හැඳුනුම්පත් දෙකක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.
ඉන්පසු නිවසේ අප ජලය ප‍්‍රධාන මාර්ගයට දැමීම යටතේ අධිකරණයෙන් ඇයට විරුද්ධව නඩු පවරා ඇති අතර හැඳුනුම්පත් දෙකක් තබාගැනීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා එම කාන්තාව කැලණිය පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.
මෙය හැඳුනුම්පත් පරික්ෂා කළ කැලණිය පොලිසියේ ස්ථානාධිපති ජයන්ත ගුණතිලක මහතා පැවසුවේ ඇයගේ හැඳුනුම්පත් දෙකේම නම්, ගම් හා විස්තර එක සමාන බවත් මීට වසර කීපයකට තිබූ හැඳුනුම්පත නැතිවීමෙන් පසු අලූතින් හැඳුනුම්පතක් ලබාගෙන ඇති බවයි.
නැතිවූ හැඳුනුම්පත හමුවූ විට එය බාරදිය යුතු බවත් එසේ නොකර හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගැනීම පිළිබඳව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එකට දෙකක් දීලා කතක් පොලිසියේ දී වැඩ වරද්දාගෙන
sahan Saturday, 29 July 2017 03:05 PM
තුන්මුල්ලේ විමලේගේ තවත් බිරිඳක් වගේ ...
කපිල Saturday, 29 July 2017 05:11 PM
එතකොට විමල් වීරවංස සහ වීරවංස මහත්මිය ළඟ පාසපෝට් 2 බැගින් තියෙන්නේ?
nishantha Tuesday, 01 August 2017 08:10 AM
ඒ ගොල්ලෝ ගාව තියෙන ඒවා එක සමාන නැහැනේ .. දෙන්නටම උපන්දින දෙක ගානේ තියෙන ඒවා නිසා වෙන්ට ඇති තාම පොලිසියට අල්ලන්න අමාරු ......
lanka Tuesday, 01 August 2017 09:15 AM
ඔව් ඇයි එතකොට විමල් වීරවංස? එයාගේ නෝනා පාස්පෝර්ට් දෙක දෙක තියාගෙන ඉන්නේ.