IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එකට දෙකක් දෙන මන්ත්‍රකරුගේ මැජික් මුට්ටිය

එක භාණ්ඩයක් මිලදී ගත් කෙනෙකුට එම වර්ගයේම තව භාණ්ඩයක් නොමිලයේ දෙන බවට ඉකුත්දා දකුණේ නගරයක ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට ලොකු දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණි.


මෙය දුටු අපේ ගමේ කෙනෙකු පැවසූ පැරණි සත්‍ය කතාවකි මේ.


ඒ වන විට මෙය පැරණි ගම්මානයකි. ගම්මානයේ විසූ ගැමියෝ ඉතා සතුටින් එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් සුහදව කාලය ගත කළහ. මේ අතර ඈත නගර බද ප්‍රදේශයකින් ටිකක් මැදි වයසේ කෙනෙක් මේ ගම්මානයට පැමිණියේය. ඔහු ගමේ ගෙදරක නවාතැන්ගෙන සිටි අතර, ඔහු ඉතා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවෙකි. ඉතාම ප්‍රියමනාප පුද්ගලයකු වූ ඔහු මේ ගමේ අයගේ ලෙඩ දුක් භූත දෝෂ ආදිය තම යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් සුවපත් කළේය. මේ නිසා ඔහු ඉතාම ඉක්මනින් ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ අතර ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගැනීමට සමත් වූයේය.


ඔහු ටික දිනකින් ගමේ කාටත් සුබ ආරංචියක් දුන්නේය. ඒ එක් භාණ්ඩයක් ගෙනැවිත් දුන් කෙනෙකුට සති හතරකින් එවැනි භාණ්ඩ දෙකක් දෙන බව මේ ආරංචියයි. එසේ ගෙනැවිත් දෙනු ලබන භාණ්ඩය අනිවාර්යයෙන්ම රත්රන් විය යුතුය. එසේ නොවුණහොත් දෙන ලද භාණ්ඩයත් අහිමි වන්නේය.


මේ ආරංචිය ලද ගම්වැසි බොහෝ දෙනෙක් රන් භාණ්ඩ රැගෙන මොහු සොයා ආහ. එසේ ගම්වැසියකු රැගෙන එන රන් භාණ්ඩය ඔහු විසින්ම මන්ත්‍රකරු ඉදිරිපිට ඔහු ළඟ තිබෙන මුට්ටියට දැමිය යුතුය. ඊට පසු එම මුට්ටියේ කට ගැමියා ඉදිරියේදීම රෙදිකඩකින් වසා දමයි. මේ අයුරින් බොහෝ දෙනෙකු රත්රන් කරාබු, මුදු, රන් දම්වැල්, රත්රන් පෙන්ඩන් ආදිය රැගෙන විත් මන්ත්‍රකරු ළඟ ඇති මුට්ටියට ඒවා දමා රෙදිකඩින් බැඳ දමන තෙක් බලා සිට ආපසු ගියේ එකට දෙකක් ගැනීමේ ආසාවෙනි.


ඉන්පසු ඔවුන් දින ගනිමින් බලා සිටියේ එකට දෙක බැගින් ලබාගන්නා දිනය උදාවනතුරුය.


මේ අතර මන්ත්‍රකරුට ඈත පළාතක වැඩකට යන්නට සිදුවිය. ඔහු නිවැසියාට කතා කොට ඔහුගේ කාමරයේ වූ රෙදිකඩකින් වැසූ මුට්ටිය පෙන්වා එය තිබෙන තැනින් වෙනත් තැනකට රැගෙන නොයන ලෙසත්, එය නොසොල්වා එම ස්ථානයේම තිබෙන්නට හරින ලෙසත්, වෙනත් කිසිවකුට එම කාමරයට යන්නට නොදෙන ලෙසත් පවසා තමන් සතියකින් ආපසු පැමිණෙන බව කියා පිටත්ව ගියේය.


නිවසේ හිමියා මේ බව නිවසේ අනෙකුත් අයටද පවසා එම කාමරයේ දොරගුළු වසා ඉතා ආරක්ෂිත ලෙස තැබුවේය. ගමේ අය මන්ත්‍රකරු පිළිබඳව විමසන විට නිවැසියා මේ බව ඔවුන්ටද පැවසීය.


මන්ත්‍රකරු පිටත්ව ගොස් සතිය දෙක තුන කාලය ගත වුවත් ආවේ නැත. මේ අයුරින් කාලය ගෙවී යද්දී මේ ගැන විමසා බලන්නට ගම්වාසීහු කල්පනා කළහ. ගම්වාසීන් එක්ව නිවෙස් හිමියාට කීවේ මන්ත්‍රකරුගේ කාමරය විවෘත කර තමන් බඩු දැමූ මුට්ටිය බලන ලෙසටය.


ඒ අනුව ඔවුන් කවුරුත් එකතු වී කාමරය විවෘත කර මුට්ටිය ගෙන එහි වූ රෙදිකඩ ඉවත් කර බැලූහ. ඔවුන්ට තමන් කරගත් මෝඩකම වැටහුණේ එවිටය. මුට්ටිය තුළ වූයේ තිරිවානා ගල්කැට කීපයක් පමණි.
(සත්‍ය කතාවකි)

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)

 



අදහස් (2)

එකට දෙකක් දෙන මන්ත්‍රකරුගේ මැජික් මුට්ටිය

චමින්ද Sunday, 21 July 2019 12:49 AM

බෙන්තර ග‍ගෙන් එපිටින් බළල් පැටියෙක්වත් ගේන්න එපා කියා කියමනක් සමහර පැතිවල තියෙනවා ඉන් කියන්නේ ඒ පැත්තේ අය ඒතරම් කපටියි කියලයි. දැන් බැලුවාම ඒ පැත්තේ තරම් මෝඩයෝ වෙනත් තැනක නැතුව ඇති. මෙය සත්‍ය කතාවක් කියපුනිසා කිව්වේ අයියෝ දකුණට ගිය කලක්

:       0       10

jayamal Monday, 22 July 2019 04:10 AM

ඇත්තටම දකුණේ මිනිස්සුන්ට තියෙන්නේ උගත් පාඩම් සමග දීර්ග කාලීනව යටත් වී සිටීම නිසා මිශ්‍ර වූ දැනුම .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site