IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ කප්පිත්තා විදුහල්පතිගේ නම ඇහුවම හොල්මන් වෙලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉකුත් දා නිකුත් කර තිබුණු ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්කයේ  ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණත් පාසලේ  විදුහල්පතිවරයාගේ නම නොදැන සිටි අපූරු ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් ඉකුත් දා  කෑගල්ලෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඉකුත්දා නිකුත් කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සබරගමුව ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ඉගෙනුම ලැබූ විෂයයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. 
මාධ්‍යවේදීන් කිහිප දෙනකු ඔහු පදිංචිව සිටින නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ ඈතින් පිහිටි නිවෙසට පෙරවරුවේ හනික ගියේ මෙම ශිෂ්‍යයාගේ තොරතුරු  රටටම ලබාදීමටය.
නිවෙසට ගිය අවස්ථාවේදී ශිෂ්‍යයාගේ මව්පියන් මාධ්‍යවේදීන් පිළිගත් අතර පුතා එනකම් අසුන් ගන්නැයි මිදුලේ සිටි මාධ්‍යවේදීන්ට පියා පැවසීය.
මිනිත්තු කිහිපයකට පසුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටි ශිෂ්‍යයා සාලයට පැමිණියේය. 


මාධ්‍යවේදීන් ඔහුගෙන් තොරතුරු විමසන්නට සූදානම් වෙද්දී පියා පසෙක සිට කියා සිටියේ තමන්ට  දරුවන් තිදෙනකුම සිටින බවත් තමා ඉගෙන ගත් පාසලටම දරුවන් තිදෙනාම ඇතුළත් කළ බවත්ය. 
වැඩිමහල් පිරිමි දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිම කර දැනට සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන බවත් දෙවැනි පිරිමි දරුවා ඉකුත් දා නිකුත් කර තිබුණු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් දිස්ත්‍රික්කයේ කප් එක රැගෙන ඇති බවත්ය. බාල පුතා ද එම පාසලේම  ඉගෙනුම ලබමින් සිටින බවත් පියා පැවසුවේ සිනාමුසු මුහුණිනි.
පසුව මාධ්‍යවේදීහු ප්‍රථම ස්ථානය හිමි කර ගත් ශිෂ්‍යයාගෙන් ජයග්‍රහණය සම්බන්ධයෙන් තොරතුරු විමසූහ. එහිදී ඔහු කියා සිටියේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ තමන් පාසල් ගිය බවත් ලොකු බලාපොරොත්තුවක් නොතිබුණු බවත්ය. ඒ තුනක් අරගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට පමණක් බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු පැවසීය.
 අනාගතයේ වැඩිමහල් සහෝදරයා මෙන්ම ඉංජිනේරුවරයකු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ශිෂ්‍යයාගෙන් එක් මාධ්‍යවේදියෙක් ‘පුතා පාසලේ විදුහල්පතිවරයාගේ නම මොකක්දැ’ යි විමසීය. 
එහිදී ශිෂ්‍යයා දකුණු අතේ ඇඟිල්ලක් කටේ තියාගෙන බිම බලාගෙන ඇඟිල්ල සපමින් මිනිත්තු කිහිපයක් කල්පනා කර විදුහල්පතිවරයාගේ නම නොදන්නා බව පැවසීය. 
පසුව අනෙක් මාධ්‍යවේදීන් ශිෂ්‍යයාට විදුහල්පතිවරයාගේ නම කියා දුන්නද එවැනි නමක් අසා නොමැති බව ද ශිෂ්‍යයා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ මුහුණ බිමට හරවා ගෙනය.

 



අදහස් (3)

උසස් පෙළ කප්පිත්තා විදුහල්පතිගේ නම ඇහුවම හොල්මන් වෙලා

himal Thursday, 14 September 2023 03:51 PM

දැන් මොකක්ද ප්‍රශ්නේ? විදුහල්පතිගේ නම නොදන්න එක ලැජ්ජාවට කරුණක්ද?

:       5       19

Chinthana Friday, 15 September 2023 09:38 AM

විදුහල්පතිගේ නම මොකක්ද කියලා කිසිම විෂයක ප්‍රශ්න පත්‍රයක අහන්නේ නැහැ. උසස්පෙළ සිසුන්, විශේෂයෙන්ම ඉහළින්ම සමත් වූ සිසුන් තම පෙනී සිටින විෂය පමණක් හොඳින් පාඩම් කළ අය වේ. ඔවුන් ඉහළින් සමත් වූයේ ඒ නිසාය. ඊට පරිබාහිර දේවල් ගැන ඔවුන් අවදානය යොමුකරන්නේ නැත.

:       3       12

Dinesh Saturday, 16 September 2023 06:12 PM

ඒක තමයි වැරැද්ද? උගතුන් ඉන්නවා. බුද්ධිමතුන් නෑ. පොතපත විතරක්ම නෙවෙයි, බාහිර දේවලුත් දැනගන්න ඕනෑ.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site