IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උසාවි ගිය ඩිංගට කරුමයක් පලදීලා

සිදුකළ වරදක් වෙනුවෙන් තම ත්‍රිරෝද රථයෙන් අධිකරණයට ගිය පුද්ගලයකු අධිකරණ කටයුතු නිම කොට අධිකරණ භූමියෙන් එළියට පැමිණ තම ත්‍රිරෝද රථය නොමැති බව දැකීමෙන් සොයා බැලීමේ දී ලීසිං සමාගමකින් ත්‍රිරෝද රථය ගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් කරුමය දැන් හොඳටෝම පලදෙනවායි තම හිතවතුන්ට කියා ඇත.
අළුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවකු සිදුකරන ලද නීති විරෝධී මත් ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර අධිකරණයට ඉදිරිපත් වීමට දිනයක් නියම කර තිබිණි.
ඒ අනුව එම පුද්ගලයා මෙයට දින කිහිපයකට පෙර අදාළ වරද වෙනුවෙන් පෙනී සිටීමට කළුතර අධිකරණයට ගොස් තිබේ.
එම පුද්ගලයා  සතු ත්‍රීරෝද රථයෙන් අලු‍ත්ගම සිට කළුතර දක්වා ගොස් නගරයේ ස්ථානයක ත්‍රිරෝද රථය ගාල් කර අධිකරණයට ගොස් තිබේ.
අධිකරණ කටයුත්ත නිමා වී පැය කීපයකින් තමන් පැමිණි ත්‍රීරෝද රථය ගාල් කළ ස්ථානයටගොස් සොයා බලද්දී ඔහුගේ ත්‍රිරෝද රථය    එම ස්ථානයේ නොතිබුණෙන් වටපිට විපරම් කර තිබේ.
පසුව තවදුරටත් කළ සොයා බැලීමේ දී දැන ගැනීමට ලැබී ඇත්තේ  ඔහුගේ ත්‍රිරෝද රථය ලීසින් වාරික ගණනාවක් නොගෙවීම හේතුවෙන් අදාළ ලීසිං සමාගමෙන්  රැගෙන ගොස් ඇති බවයි. පසුව ඔහු  කළුතර නගරයෙන් අලු‍ත්ගම දක්වා ධාවනය වන බස් රථයකට ගොඩ වී  නිවසට පැමිණ  දැන් කරුමය හොඳටම පල දෙනවා යැයි හිතවතෙකුට  පවසා තිබේ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අදහස් (0)

උසාවි ගිය ඩිංගට කරුමයක් පලදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site