IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


උම්බලකඩ බයිට් එකට දිරච්ච වැට මාර කෑල්ලක් කාලා

(විමුක්ති එස්. රුද්‍රිගු )
තරුණයන් තිදෙනකු ගෙපැලක් කපන අතරතුර හොරාට ඇඟ රත්කර ගනිමින් සිටියදී  කටගැස්මට තිබූ උම්බලකඩ කැබැල්ල වෙනුවට එක් තරුණයකු වැටමාර ලීයක් කෑ සිද්ධියක් කිරිබත්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


මිතුරෙක් අලුතින් නිවසක් සෑදීම සඳහා නැකතට ගෙපැළ කැපීම සඳහා තවත් යහළුවන් දෙදෙනකුට ආරාධනා කළේය. යහළුවන් දෙදෙනාද මිතුරාගේ ඉල්ලීම අහක නොදා ‘ඇඟ රත් වෙන්න මොනවා හරි දෙනවා නම් ඕන දෙයක්’ කියා මිතුරාගේ ගෙපැල කපන ඉඩමට පැමිණියහ. 


නැකත එළැඹෙන්නට කලින් දිනයේම මිතුරා විසින් මධුවිත බෝතලයක් ඉඩමේ තාවකාලිකව හැදූ ගබඩා කාමරයේ සඟවා තබනු ලැබීය.
නැකත් වේලාව උදාවිය. ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනය කළහ. මවුපියෝද පිරිත් අසමින් සුබ කටයුත්තට සහභාගි වූහ.


ගෙපැල කපන්න නැකත උදාවිය. ගෙහිමියා ගෙපැලේ පළමු පස් පිඩැල්ල කැපුවේය. සුළු මොහොතකින් සංඝයා වහන්සේලාද පන්සලට වැඩම කරන්නට වූහ.


ගෙපැල කපන අතරවාරයේ ගෙහිමි මිතුරාගේ පියා ඒ අසලම ඇන තියාගෙන ගෙපැල කපන අයුරු බලා සිටින්නට විය. 


ගෙපැල කපන යහළුවන්ට ගෙහිමි මිතුරාගෙන් ඉඟි සංඥාවක් ලැබුණි.  මිතුරා තාවකාලික ගබඩා කාමරයට ගියේය. සඟවා තිබූ බෝතලය ගෙන අයිනක තිබූ බංකුවකට පත්තර කොළයක් තබා බෝතලය ඒ මත තැබුවේය. ගබඩා කාමරය ටිකක් අඳුරු ස්වභාවයක් ගෙන තිබුණි. පත්තර කොළය සුළඟට ගසාගෙන යාම නවතාලීමට අසල තිබූ වැටමාර කෑල්ලක් පත්තර කොළය උඩ  තැබුවේය. 
කටගැස්මට උම්බලකඩ කෑල්ලක්ද පත්තර කොළය  උඩ තබා වීදුරුවක් ද තැබුවේය. 


හිමිහිට නැවත ගෙපැල කපන තැනට ඇවිත් යහළුවන්ට ගබඩා කාමරයට ගිහින් එන ලෙස සංඥාවක් ලැබුණි. මිතුරාගේ තාත්තා ද අසල සිටින නිසා යහළුවන් එක්කෙනා බැගින් හොරෙන් හොරෙන් ගබඩා 
කාමරයට ගි හින් එන අයුරු මිතුරා බලා සිටියේය. 


ගැටලුවක් නැත. ගෙපැල කපන අතරතුර ඇඟපත රත්කර ගැනීම ද යහමින් සිදුවිය. 


ටික වේලාවක් ගතවිය. ගෙපැල කපන අතරතුර එක් මිතුරකුට ලොකු ගැටලුවකි. කටගැස්මට තිබූ අම්බලකඩ කෑල්ල ටිකක් පරණයි වගේ නේද?  මිතුරයකුගෙන් ඇසීය. අවුලක් නෑනෙ බං හොඳට තිබුණෙනේ. නියම උම්බලකඩ කෑල්ල අනෙක් මිතුරා කීය.


නෑ,...නෑ... ඒක පරණයි. කටේ තියන්න බෑ. ඔහු නැවත පැවැසුවේය. ගෙහිමි මිතුරා ගබඩා කාමරයට ගියේය. අම්බලකඩ කෑල්ල පරීක්ෂා කර බැලීය. ගැටලුවක් නැත. පසුව පත්තර කෑල්ල උබ තබා තිබූ වැටමාර කෝටුව පිරික්සුවේය. සිනහව නතර කර ගන්නට නොහැකි විය. උම්බලකඩ කියා මිතුරා කා තිබුණේ දිරච්ච වැටමාර කෝටුවය. 


අනෙක් මිතුරන්ටද සිද්ධිය පැවැසීය. ඔක්කෝටම බඩ අල්ලගෙන හිනාය. වැටමාර කෑ යහළුවාට ‘උම්බලකඩ’ කියා නමකුත් වැටී යහළුවන් අතර ප්‍රසිද්ධ වන්නට විය. 

 



අදහස් (0)

උම්බලකඩ බයිට් එකට දිරච්ච වැට මාර කෑල්ලක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site