IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උප්පැන්න වෙනුවට හඳහන ඉල්ලලා


පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි



උප්පැන්න සහතිකය වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදුන් හිස් ප්‍රතිඵල ලේඛනය රැගෙන ග්‍රාම නිලධාරි හමු වූ පුද්ගලයකුට පෙළපත් නාමය දැන ගැනීම සඳහා හඳහන රැගෙන එන ලෙස දන්වා සිටි පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ඔහු මැදිවිය ද පසු කළ පුද්ගලයෙකි. සිය දරුවෙකුට ඉඩමක් පැවරීම හා සම්බන්ධ රාජකාරි කටයුත්තකට ඔහුට උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් අවශ්‍ය විය.
ඒ අනුව ඔහු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිටියේය. කිසියම් හේතුවක් නිසා ඔහුගේ උප්පැන්නය ලියාපදිංචි වී නොතිබූ බැවින් ඔහුට ලැබුණේ හිස් ප්‍රතිඵල ලේඛනයකි.


කෙසේ වෙතත් ඔහු එම හිස් ප්‍රතිඵල ලේඛනය ද රැගෙන අදාළ රාජකාරිය ඉටුකරවා ගැනීමට ග්‍රාම නිලධාරි වෙත ගියේය .
එහිදී ඔහුට දැනුම්දී ඇත්තේ හිස් ප්‍රතිඵල ලේඛනයේ තොරතුරු කිසිවක් සඳහන් නොවන නිසා පෙළපත් නාමය දැන ගැනීම සඳහා හඳහන රැගෙන එන ලෙසයි.
ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් පිටවී නැවත එන ගමනේ දී ඔහුට සිහිපත් වූයේ හඳහනේ ද නමක් ගමක් පෙළපත් නාමයක් සඳහන් නොවන අතර ඇත්තේ අහවල් දින අහවල් වේලාවේ උපන් පිංවත් කුමරා වශයෙන් පමණක් බවයි.
කෙසේ වෙතත් ඔහු කෙළින්ම තමන්ගේ හිතවත් ජ්‍යොතිෂ්‍යවේදියකු හමුවන්නට ගොස් තම ගැටලු‍ව ඉදිරිපත් කළේය.
ගැටලු‍ව හොඳින් තේරුම් ගත් ජ්‍යෝතිෂ්‍යවේදියා ”‍ සම්ප්‍රදායක් වශයෙන් අපි හඳහනේ නම් ගම් පෙළපත් නාම සඳහන් කරන්නේ නෑ, නමුත් ඔයාගෙ වැඩේ කරගන්න අවශ්‍ය නිසා මම ඒ තොරතුරු ඇතුළත් කරල හඳහනක් අලු‍තින් ලියල දෙන්නම් ”‍ කියා වැඩේ බාර ගත්තාලු‍.



අදහස් (0)

උප්පැන්න වෙනුවට හඳහන ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site