IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


උපන්දින සාදයට පැමිණි ගජ මිතුරන්ගෙන් අපූරු උපන් දින තෑග්ගත්

(ගල්ගමුව - නිහාල් ජයවීර)
උපන්දින සාදයකට ඇරැයුම් ලැබ පැමිණි මිතුරන් දෙදෙනකු ඇරැයුම් කළ මිතුරාගේ ජංගම දුරකතනය සොරාගෙන යාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි.


සිද්ධියට මුහුණ දුන් තැනැත්තා ආරක්‍ෂක අංශයක සේවය කොට විශ්‍රාම ලැබ සිටින්නෙකි. ඔහුගේ හතළිස් හත්වැනි උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණි. පවතින වසංගත තත්ත්වය නිසා වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන උපන්දින සාදයක් පැවැත්වීමට නොහැකි නිසා ඔහු සිය ගජ මිතුරන් දෙදෙනා සමඟ උපන්දිනය සැමරීමට තීරණය කළේය.


උපන්දිනය දා උදේ ඔහු ගජ මිතුරන් දෙදෙනාට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළේය. මිතුරෝ දෙදෙනා ද කල් යල් බලා ඔහුගේ නිවසට ගියහ. උපන්දින සාදය පුංචි වුවත් මධුවිත තොල ගෑමට අවශ්‍ය කටගැස්ම හා මධුවිත නොඅඩුව සපයා තිබිණ.


තිදෙනා රටතොට තොරතුරු, තම තමන්ගේ ළමා කාලය මෙන්ම දේශපාලන විශ්ලේෂණ ද කරමින් මධුවිත තොලගාන්නට වූහ.
සාදය සූදානම් කළ මිතුරාගේ පදම ඉක්මවා ගොස් ඇත්තේ පැය දෙක තුනක් ගත වූ විටය. පසුව ගජ මිතුරන් දෙදෙනා ඔහුට සමු දී නිවෙස්වලට ගොස් තිබේ. රාත්‍රී දහයට පමණ අවදි වී බලනවිට සිය ජංගම දුරකතනය නොමැති බව උපන්දිනය සැමරූ තැනැත්තාට දැනගැනීමට ලැබී තිබේ. මිතුරන් සමඟ සිටි ස්ථානයට ගොස් සොයා බැලුව ද එහි ද දුරකතනය තිබී නැත. පසු දින මිතුරන්ගෙන් විමසුව ද හෝඩුවාවක් දැන ගැනීමට ලැබී නැත.


කෙසේ වෙතත් ඔහු මේ ගැන ගල්ගමුව පොලිසියට පැමිණිලි කොට තිබේ. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියට රුපියල් 14,500ක් වටිනා එම ජංගම දුරකතනය ගල්ගමුව නගරයේ වෙළෙඳසලකට රුපියල් 6,000ක මුදලකට ගජ මිතුරන් දෙදෙනා විසින් විකුණා ඇති බව අනාවරණය කරගැනීමට හැකිව තිබේ. ඒ අනුව ගජ මිතුරන් දෙදෙනා හා ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබේ.


ගල්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිසානායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ පැවැත්වූහ.

 



අදහස් (0)

උපන්දින සාදයට පැමිණි ගජ මිතුරන්ගෙන් අපූරු උපන් දින තෑග්ගත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site