කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
යමක් කමක් ඇති අයෙකි. එදින ඔහුගේ ජන්මදිනයයි. සාමාන්‍යයෙන් ඔහු ජන්ම දිනය දා කුමක් හෝ පින්කමක නිරත වන්නේය. එදා තෝරා ගත්තේ කවදාවත්ම නොකළ පින්කමකි. ඒ සිය නගරයේ විහාරස්ථානය අසල සිටින කාත්කවුරුවත් නැති අසරණයන්ට දිවා ආහාර ලබාදීමය. මේ ආහාර වේලද ඔවුන් අතට පත්වී ඔවුන් පුදුම කරවීම ඔහුගේ අහිංසක අභිප්‍රාය විය.
නගරයේ සුප්‍රසිද්ධ තැනකින් මිල අධික ඉස්තරම්ම වර්ගයේ කෑම පාර්සල් සහිත පෙට්ටි කිහිපයක් ඇණවුම් කළේය. මේ සෑම කෑම පෙට්ටියකටම ඔහු අර අසරණයන් පුදුම කරවන්න අපූරු තෑග්ගක් එයට දැමුවේය. කෑම කන්න එම කෑම පෙට්ටිය විවෘත කරන විටම එය දැක සතුටුවී මේ අය පුදුමයට පත්වේ යයි ද ඔහු සිතූවේය.
එදා සවසම ඔහු මේ විහාරස්ථානයට පැමිණියේ ජන්ම දිනය නිමිත්තෙන් නිවැසියන් සංවිධානය කොට තිබූ බෝධි පූජා පින්කමකට සහභාගීවීමටය. තමා එදින දිවා ආහාර වේල ලබාදුන් අය විහාරස්ථානය අසල ඉතාමත්ම සතුටින් සිටිනු ඇතැයිද තමා දැකීමෙන් ඔවුන් පුදුමවනු ඇතැයිද ඔහු සිතුවේය. තමා හැඳින ගෙන තමාට මුව නොසෑහෙන සේ තුති පුද කරනු ඇතැයි ද යන්න ඔහුගේ යටි සිතේ ගැබ්ව තිබුණේය.
එතනට ගිය ඔහුට මේ එකක්වත් දැක ගන්නට නොහැකිවිය. කිහිපදෙනෙක්ම හතර ගාතේය. තවත් එකෙක් කාටදෝ කුණු හරුපයෙන් බැණ බැණ සිටියේය. ඔහු ටිකක් කිට්ටුවී ඒ අසල සිටි අයෙකුගෙන් මේ අයට අද මේ මොකද වෙලා තියෙන්නේ හැමදාමත් මේ අය මෙහෙමදැයි ඇසුවේ දැන ගන්නටය.
මේ කට්ටිය මෙහේම හැසිරෙන්නේ නැහැ. අද කවුදෝ මහත්තයෙක් ඇවිල්ලා මේ අයට ඉස්තරම්ම වර්ගයේ කෑම පාර්සලුත් දීලා ඒ මදිවාට ඒ හැම කෑම පාර්සලයකටම මොනර කොළ දෙක ගානේ දාලා දීලා අර කෑම පාර්සලේ තිබූ හොඳ මස් මාලුවලින් කොටසක් බයිට් එකට අරන් දෙක තුනක් දාගෙන කෑම පාර්සලය ඩයට් එකට අරගෙන තමයි ඔහොමවුණේ යයි අසල සිටි අය කී විට ඔහු පුදුමයෙනුත් පුදුමවුණේ ඔවුන් පුදුම කරවන්නට ගොස් තමන්ටම පුදුම වන්නට වීමෙනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උපන්දින ඩයට් එක බයිට් එකට අරන්