IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


උපත් පාලන සැත්කමට ගෙන ගිය ගෑනි දොස්තර ළඟදි පිරිමියෙක්

(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න ගෙනි)
ඇය මාතලේ ප්‍රදේශයේ විශ්‍රාමික පාසල් ගුරුවරියකි. දැනට අමතර පංතියක් පවත්වන්නීය.


නිවසේ සිටින මීයන්ගෙන් ඇය මහත් අපහසුතාවට පත්වූවාය. මේ බව අමතර පංතියට සහභාගී වුණු දරුවන්ට ද පැවැසුවේ පූස් පැටියෙක් ගෙන්නා ගැනීමේ අදහසිනි. අමතර පංතියේ ළමයකු ගෙනැවිත් දුන් පූස් පැටියා මැදි වියෙහි පූසෙකු වුවත් ගුරුවරිය ඌ ආදරයෙන් හදා වඩා ගත්තාය.


ඌ පූසෙකු නොව පූසියෙකු බව නිවැසියන්ගේ අදහස වීය. මේ පූසි පැටව් ගැසුවොත් මහත් කරදර හිරිහැර විඳින්න සිදුවන බව තම දරුවෝද කියන්නට ගත්හ. මේ ගැන ගුරුවරියද තම අවදානය යොමු කළාය. 


ඇගේ සැමියාගේ පවා අදහස වූයේ පූසියට උපත් පාලන සැත්කමක් කළ යුතු බවය. ඒ සඳහා ඇය පූසාද කැටුව ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට ගියේ ත්‍රිරෝද රථයකිනි. පශු වෛද්‍යවරයාද උපත් පාලන සැත්කමකට සුදානම් විය.


සැත්කම කිරීමට පෙර පූසියට සිහි මුරුජා කිරීමට වෛද්‍යවරයා එන්නතක් ලබා දුන්නේය. පූසි සිහි මුර්ජා විණි. අනතුරුව වෛද්‍යවරයා උපත් පාලන සැත්කමට සූදානම් වෙද්දී වෛද්‍යවරයා පූසි අයිතිකාර ගුරුවරියගේ මුහුණ දෙස  බලා බිම බලා ගත්තේය. ඌ පූසියක් නොව පූසෙකු බව පශු වෛද්‍යවරයා පැවැසුවේය.


කර කියාගත දෙයක් නොමැතිව පූසා අයිතිකාර ගුරුවරියට මෙන්ම පශු වෛද්‍යවරයාට පැය කීපයක් රැඳී සිටීමට සිදුවූයේ පූසාට යළි සිහිය එනතුරුය.



අදහස් (0)

උපත් පාලන සැත්කමට ගෙන ගිය ගෑනි දොස්තර ළඟදි පිරිමියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site