උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටියක් වියා තෑගි කළ පුවතකි මේ.
ඇය තම ස්වාමිපුරුෂයා සමග ජීවත්වූයේ ගමේ මහ ගෙදරය. එකම පුතා නගරයේ පෞද්ගලික ආයතනයක උසස් රැුකියාවක් කරන අයෙකි. ඔහුගේ බිරියද රජයේ ආයතනයක විධායක මට්ටමේ නිලධාරිනියකි. ජීවත්වූයේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේය. ඔවුන්ගේ එකම පුතා විදේශ රටක වසර තුනක් උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ සති කිහිපයකට පෙරයි. කුඩා කාලයේ තම අතේ හැදුණු වැඩුණු මුණුබුරාට ආච්චි දැක්වූයේ අසීමිත සෙනෙහසකි.
පසුගිය දිනක උදෑසන ඇය පුතාගේ නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරාගේ සුවදුක් විමසීමටය. එහෙත් එම අවස්ථාවේ මුණුබුරා නිවෙස තුළ නොසිටි අතර දුරකථන ඇමතුමට පිළිතුරු දුන් ගෙදර සිටින වැඩකාර කොලූවා පැවසුවේ බේබී මහත්තයා මිදුලේ අඹ ගස්යට මල් කඩන බවය.
එදින සවස් යාමයේ ද ඇය නැවත එම නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරා හා කතාබහ කිරීමට ඇති ආශාව නිසාය. ඒ අවස්ථාවේදී නිවෙස තුළ සිටියේ වැඩකාර කොලූවායි. ‘‘බේබි මහත්තයා දැනුත් ගෙදර නෑ, ගේට්ටුව ළඟට වෙලා මල් කඩනවා දැන් හුඟක් වෙලා ඉඳලා’’ කොලූවා පැවසීය.
පසුගිය සති අන්තයේ තම පුතා ඔහුගේ බිරිඳ හා මුණුබුරා මහ ගෙදරට පැමිණියේ මහ ගෙදර සිටින මව්පියන් බැලීම සඳහාය. එදින දවස ගතකොට සවස් යාමයේ ඔවුන් පිටත්ව යාමට මෝටර් රථයට ගොඩවූ මොහොතේ ආච්චි කුඩා පාර්සලයක් තම මුණුබුරා අත තැබුවේ මෙසේ පවසමිනි.
‘‘පුතාට කතාකරන හුඟක් වෙලාවට ඒක ගන්නේ් වැඩකාර කොලූවා. එයා කියන්නේ පුතා මේ වෙලාවේ මල් කඩනව කියලා. මේකේ තියෙන්නේ මං වේවැල්වලින් වියපු ලස්සන වට්ටියක්. පුතා මේක තියාගන්න මල් කඩන්න. උදේට හවසට මල් පූජාකරන එක කොච්චර හොඳද?’’
මෝටර් රථයේ වූ තිදෙනාම ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බැලූවේ නිතර විශේෂ කතා කියන වැඩකාර කොලූවා ආච්චිට ලණුවක් දී ඇති බව වටහා ගනිමිනි. ඔහු මල් කඩනවා කියා ඇත්තේ තරුණ මුණුබුරා විදේශ රටක සිටින තම පෙම්වතිය සමග දුරකථනයෙන් නිතර කතා කරන නිසාය.
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්
අබරන් Monday, 04 January 2016 05:10 AM
අනේ කාලේ වනේ වාසේ කීවලු !! (බ)
කාශ්‍යප Monday, 04 January 2016 06:07 AM
කරුණාවන්ත ආච්චි අම්මා! (බ)
පිටබැද්දර ජයා Monday, 04 January 2016 06:30 AM
කාලෙන් කාලෙට සිංහල භාෂාවට අලුතෙන් වචන එකතු වෙනවා විවිධ අරුත් ඇති , සමහරවිට මේ ආත්තම්මා දන්නේ නැතුව ඇති ඒ, වචනේ තේරුම මොක උනත් මුණුපුරා කෙරෙහි ඇති සෙනෙහසින් දීපු තෑග්ග නම් වටිනවා මිල කරන්න බැරි තරම්. (ර)