IMG-LOGO

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරන්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
උදේ දවල් ණයට හෝටලයකින් කෑම කා බැංකු ණයක් ගෙන හෝටලයේ ණය පියවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය.


ඔහු නගරයට ආසන්න ස්ථානයක සේවයේ නියුතු පුද්ගලයෙකි. උදෑසන ගෙදරින් එන විට උදෑසන ආහාරය ගෙන බත් මුල් දෙකක් රැගෙන එන්නේ නැවත උදයට හා දවල්ට කෑමටය. 


රැගෙන එන කෑම පාර්සලය ද ආයතනයට පැමිණීමෙන් පසු අනුභව කරන ඔහු නැවත නගරයේ ඇති හෝටලයකට ගොස් ඉඳිආප්ප 80ක් හා බිත්තර දෙකක් සමඟ කිරි මාළු හෝ කුකුළු මස් කෑම පුරුද්දක් කරගෙන සිටියේය.


නැවත උදෑසන දහය පමණ වනවිට දහවල් ආහාරය ගන්නා ඔහු දහවල් වනවිට නැවත එම හෝටලයට ගොස් දහවල් ආහාරය දෙවනුව ලබා ගන්නේ මස් මාළු බිත්තර සියල්ල සමඟය. සවස් වනවිට බිත්තර ආප්ප සහ ප්ලේන් ආප්ප කා කිරි තේ එකක රස බැලීමට ද අමතක නොකරයි. 


කෙසේ වෙතත් ඔහු දිනකට එක්දහස් පන්සීයත් දෙදහත් අතර හෝටලයකට ණය වන අතර ඔහු කරන රැකියාව අනුව හොටල් හිමියා ද ඔහුට ණයට දීමට මැලි නොවෙයි. 


එක් මාසයක් ඔහුට ණය බේරීමට නොහැකි වී ඇති අතර මාසය මැදදී ඔහු ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී හෝටල් හිමියා ඔහුට ණය පියවන ලෙස ඇවටිලි කර ඇත්තේ මාසයක් පහු වී ගිය හෙයින් ඒ වනවිට ඔහුගේ හෝටල් බිල රුපියල් හැත්තෑදහසට ලංව තිබූ හෙයිනි. පසුව ඔහු සිය මිතුරන් හා එක්ව බැංකු ණයක් ගෙන ණය පියවීමට කටයුතු කළාලු. 

 



අදහස් (11)

උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරන්

samantha Tuesday, 05 June 2018 03:37 AM

එතුමා කොහොම කෑවත් කල තියෙන්නේ තමන්ගේ සල්ලිවලින්. අනුන්ගේ සල්ලිවලින් නෙවෙයි.

:       0       107

කුමාර් (ගල්ෆ්) Tuesday, 05 June 2018 07:12 AM

ඒ උනාට දේශපාලකයෝ කන්නේ අපේ දුප්පත් ජනතාවගේ සල්ලිනෙ.

:       0       172

himal Tuesday, 05 June 2018 08:14 AM

කෑවෙ තමන්ගේ සල්ලි වලින් නම්, ණය ගත්තෙත් ගෙවන්නෙත් තමන් නම් මෙතන ප්‍රශ්නයක් නෑනේ.

:       5       81

tommy Tuesday, 05 June 2018 09:38 AM

කෑම බීම සඳහා මේ තැනැත්තාට රාජකාරි වෙලාව තුළ මෙතරම් කාලයක් ගත කළ හැකි නම් මොහු අනිවාර්යයෙන්ම රජයේ සේවකයෙකු විය යුතුයි.

:       0       325

Thusha Tuesday, 05 June 2018 11:47 AM

මම හිතාගෙන හිටියේ , මිනිසුන් කන්නේ ජීවත් වෙන්නට කියලයි.මේ මනුස්සයා ජීවත් වෙලා තියෙන්නෙම කන්නනේ.කමක් නැහැ ,මෙච්චර කන්න පුළුවන් අයත් ලංකාවේ ඉන්න එක අපට කොච්චර ආඩම්බරයක්ද ?

:       0       126

SUS Tuesday, 05 June 2018 12:25 PM

මොකද ප්‍රශ්නයක් නැත්තේ.? හෝටලේ හිමියාට , කාපු ඒවායේ බිල ගෙවා ගන්න , බැංකු නයක් ගන්නට වීම නිසයි මේ කතාව පත්තරේටත් වැටුනේ.(අනික මෙයා එයාගේ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද.?)

:       15       57

gamaathi Wednesday, 06 June 2018 04:33 AM

මෙහි දක්වා ඇති ගණන් හිලව් අඩුකරලා ගත්තම සත්‍යයක් කියල පිළිගන්න පුළුවන්.

:       0       6

චූටි මහත්තයා Wednesday, 06 June 2018 04:52 AM

දැන් ඕක "දෙයියෝ සාක්කි" කියන්ඩත් දෙයක්ද?

:       0       21

කැළුම් Thursday, 07 June 2018 12:36 PM

උදේට ඉඳි ආප්ප 80ක් කන්න පුලුවන්ද? අනිත් එක බත් එකත් කාල ඉවර වෙලා මේ ගණන් අඩු කළා නම් ඇත්ත කතාව එලියට එවි

:       0       6

කොඩ්ඩා Saturday, 09 June 2018 03:50 AM

දෙයියෝ සාක්කි වල යන ගොඩක් කතාවල නම් ගම්වලට අමතරව කතාවත් මනඃකල්පිතයි.

:       0       17

yaha Saturday, 09 June 2018 05:35 AM

මේ වාර්තා නම් කොහොමත් බොරුවට වැඩියෙන් දානවා.... කොහොම වුනත් රස්සාව හරියට කළාද කියන එක තමයි අවුල....

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site