IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


උද්ඝෝෂණයට ගිහින් කඳුළු ගෑස් කෑ සැමියාට බිරිඳගෙනුත් ප්‍රහාරයක්

වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහි කොළඹ පැවැති උද්ඝෝෂණයකට ගිය අයකු කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයකට ලක්ව ගෙදර ආ විට බිරියගෙනුත් ප්‍රහාරයක් එල්ල වීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.

මොහු දැඩි වාමාංශිකයෙකි. එහෙත් බිරියට වාමාංශික පක්ෂ නයාට අඳුකොළ මෙන් වහ කදුරුය. නිවෙසේ දී පුරුෂයා වමේ දේශපාලනය ගැන මහ ඉහළින් කතා කරන විට ඇය නිතරම ඊට හරස් කපමින් ඒ පක්ෂ වලින් කරන වැරදි පෙන්වා දුන්නාය.

රජයේ සේවකයකු වන මොහු ඉකුත් දිනකු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු මුදල් අය කිරීමට එරෙහිව කොළඹ පැවැති උද්ඝෝෂණයකට සහභාගි වූයේ තමා නියෝජනය කරන පක්ෂයේ ඇරැයුම පරිදිය. මේ සඳහා සහභාගිවීමට ගෙදරින් පිටවූයේ සුපුරුදු ලෙස රැකියාවට යන බව බිරියට හඟවමිනි. දහවල් කාලයේ රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නැරඹීම බිරියගේ පුරුද්දකි. ඒ අතරවාරයේ සිය පුරුෂයා උද්ඝෝෂණයට සහභාගි වී ඉදිරියෙන්ම ගමන් කරන අයුරුත්, කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට ලක්වන අයුරුත් පැහැදිලිව දැකගන්නට ලැබිණි. තමාට  බොරු බේගල්  පවසා උද්ඝෝෂණයට යාම ගැන කෝපයෙන් සිටි ඇයගේ සිතට සැහැල්ලුවක් දැනුණේ පුරුෂයාට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලවීම නිසාය.

සුපුරුදු ලෙස රැකියාවට ගොස් නිවෙසට එන වෙලාව වන සවස හතට පමණ පැමිණියේ එදින කිසිවක් සිදු නොවුණු අයුරුණි. බිරිය ද වෙනසක් නොපෙන්වා කෝපයෙන් සිටින විට අලුත් සෙරෙප්පු දෙක දැක ඒ ගැන විමසන්නට වූවාය.

‘අද මොකද මේ අලුත් සෙරෙප්පු දෙකක්. කෝ දාගෙන ගිය සෙරෙප්පු දෙක.’

‘සෙරෙප්පු දෙක කැඩුණා. අනේ මගේ කට.. අර අලුත් සෙරෙප්පු දෙක කැඩුණු හැටි මම නොදන්නවා කියලා හිතුණ ද?.. තමුසෙටත් රුපියල් ලක්ෂ ගණන් පඩි හම්බ වෙනව ද?.. අනුන්ගේ උද්ඝෝෂණවලට යන්නේ..’

‘මම මොන උද්ඝෝෂණයකට ගියාද? නොදන්න දේවල් කතා නොකර ඉන්නවා.’යැයි බිරියට සැරෙන් කීය.
ඒ මොහොතේ රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් තිබිණි.

‘හා...හා.. උද්ඝෝෂණයට තමා ගියේ නැහැ නේද..,? මේ ප්‍රවෘත්තිවලට පෙන්වන්නේ කවුද....? ඒ මම ද....?’පුරුෂයාට කට උත්තර නැති විය.

‘තමුසේ මෙච්චර කාලයක් මට කළේ බොරු. අද ඇත්ත මට කියන්න ඕනේ. තමුසෙගෙ හරි පඩිය මට කියන්න ඕනේ..’

‘මට එච්චර පඩියක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න පේ ෂීට් එක... බොරුනම් බලනවා’ යැයි පඩිපත පෙන්වන්නට විය.

‘අපි සෙරෙප්පු දෙකක් අරගෙන  ඉල්ලුවම අරගෙන දෙන්න බැරි මිනිහා උද්ඝෝෂණවලට ගිහින් නැති කර ගන්නා සෙරෙප්පුවලට අලුතෙන් ගන්න පුළුවන්. අනුන්ට ණයට කහින්න යන තමුසෙට මේ ගෙදර අද ඉඩක් නැතැ’යි  පවසමින් නිවෙසින් එළියට දමා දොර වසාගෙන බිරිය තනිවම හඬා වැළපුණාය.

බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා

 



අදහස් (0)

උද්ඝෝෂණයට ගිහින් කඳුළු ගෑස් කෑ සැමියාට බිරිඳගෙනුත් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 290 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 739 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 833 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 673 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1251 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 725 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 698 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 182 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1217 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site