(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම නගරයේ දංඕවිට හන්දියේ පසුගියදා (18) පැවැති උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයෙකු හොඳ හැටි සප්පායම් වීමෙන් පසු ඔහු පැමිණි යතුරුපැදිය එතැන දමා කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් පෙරේදා (19) උදේ පැමිණ බලද්දී යතුරුපැදිය අතුරුදන් වී තිබීමේ පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තා වෙයි.

මීරිගම හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මදුරුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුඩා යතුරුපැදියෙන් පසුගිය 18 දා නගරයට පැමිණ ඇත. දහවල් 12ට පමණ ඔහු පැමිණෙන අවස්ථාවේ මීරිගම දංඕවිටට හැරෙන හන්දියේ පැවැති ජය සැමරුම් උත්සවයට එක් වී ඇත්තේ වරින් වර තැබෑරුමකට ද යමින් එමිනි.
පැය කිහිපයක් මේ ස්ථානයේ විනෝදයෙන් කල් ගත කළ මෙම අය පස්වරු 3ට පමණ කුලී ත්‍රිරෝද රියකින් නිවසට ගොස් ඇත. හොඳ හැටි නිදා ගත් ඔහු රාත්‍රියේ නවයට පමණ අවදි වූ පසු යතුරුපැදිය නොමැතිව නිවසට පැමිණ ඇති බව හෙළි වී ඇත. අනතුරුව පෙරේදා (19) උදේ හොඳ හැටි සිහි එලවා ගත් ඔහු නගරයට පැමිණ පරීක්‍ෂා කර ඇතත් යතුරුපැදිය සොයා ගැනීමට හැකි වී නැත. අනතුරුව ඔහු මේ බව මීරිගම පොලිසියට පැමිණිලි කරනු ලැබූයේ උදේ දහයට පමණය. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න මහතා පරීක්ෂණ පවත්වයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උත්සවයකට ගිහින් බීලා යතුරුපැදිය හොරකුට දන්දීලා