හසලක - සුනිල් ඒකනායක
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
හැටපස් හැවිරිදි වියේ පසුවෙන සීයාගේ නිවසට මෙදින පැමිණ සිටියේ සිය දියණියගේ පුතා වන අට හැවිරිදි මුනුපුරෙකි. ඔහු නිවසේ එහේ මෙහේ ඇවිදිමින් සිටින විට නෙත ගැටුණු යමක් අතට ගෙන “මේ මොකක්ද සීයේ” යැයි සීයාට පෙන්වා විමසනු ලැබීය.
“හා හා ඕක පැත්තකට විසි කරන්න. ඕක ළමයි අත පතගාන එකක් නෙවෙයි. ඕක මීයන් අල්ලන මී කතුරක්” යැයි සීයා පවසා තිබේ.
“අනේ සීයේ මේකෙන් කොහොමද මීයෝ අල්ලන්නේ? කියා දෙන්නකෝ” යැයි මුනුපුරා සීයාට පවසා ඇත.
“හා ඉන්නකෝ මේවා ළමයි දැනගන්න හොඳ නැහැ. මේකෙන් කරන්නේ පවු වැඩක්. ඒ වුණත් මම මේකට මීයෝ අල්ලන හැටි ඔයාට කියා දෙන්නම් කෝ” යැයි පවසා සීයා මී කතුර අතට ගෙන එහි ක්‍රියාකාරිත්වය කියා දෙමින් සිටින විට එක් වරම එහි ඇති උගුල ගැස්සී සීයාගේ ඇඟිලි දෙකක් එයට අසු වී ඇත.
ඒ සමඟම ඔහුගේ කෑ ගැසීමට දිව ආ දරුවාගේ පියා අයියෝ මොකක්ද මේ කරගත්තේ යැයි කියමින් ඒ වන විටත් ඇඟිලි දෙක මී කතුරට හසුවී එයින් ඇඟිලි පිටතට ගැනීමට නොහැකිව දඟලන සිය මාමාගේ අතේ තිබූ මී කතුරෙන් ඇඟිලි මුදාගත් අතර ලේ ගලන තුවාල සහිතව සිටි සීයා රෝහලකට නිවැසියන් විසින් වහා රැගෙන යනු ලැබීය.
රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ ඇඟිලි දෙකට තදබල ලෙස හානි වී ඇති බවත් ඇඟිලි දෙකේ දෙවෙනි පුරුක් දෙක ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ අනුව සීයාට දින දෙකක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නිවසට පැමිණීමට සිදුවූයේ සිය වම් අතේ ඇඟිලි දෙකක කොටස් නොමැතිවය.
2025 ඔක්තෝබර් මස 08
1810
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1474
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා