IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


උකස් බඩුවට අහු වී යකෙක් වෙලා


කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි-



උකසට ගෙන නියමිත කාලයේ දී බේරා නොගැනීම නිසා සින්න වූ රූපවාහිනී යන්ත්‍රයක් වෙනත් අයකුට අලෙවි කිරීමට පෙර එය කාර්මිකයකු ලවා සිදුකළ පරීක්ෂාවකින් පසුව යක්ෂාවේෂ වූ බව කියන එහි නව හිමිකරු එය තමන්ට උකස්කළ පුද්ගලයා සොයා ගොස් ඔහු ඉදිරිපිටදීම අදාළ රූපවාහිනි යන්ත්‍රය කෑලි කෑලිවලට කුඩුපට්ටම් වනසේ පොළොවේ ගසා ආපසු පැමිණි පුවතක් උතුරුමැද පළාතේ ගොවි ජනපදයකින් පසුගියදා අසන්නට ලැබුණි.
කෘෂිකර්මාන්තයේ නියැලීම මෙන්ම ගමේ ගොඩේ නිෂ්පාදනය කෙරෙන කෘෂි බෝග ආදිය ද මිලදී ගෙන අනතුරුව ඒවා දුරබැහැර ප්‍රදේශවලට යවා අලෙවි කිරීම සිය ජීවනෝපාය කරගත් මැදි වයසේ විවාහක පුද්ගලයකු තමන් එතෙක් දුක් මහන්සියෙන් හරිහම්බකර ගත් මිල මුදල් පුළුවන් කාලයේදී තව තවත් වර්ධනයකර ගැනීමේ අරමුණෙන් මීට වසරකට පමණ ඉහතදී භාණ්ඩ උකසට ගැනීමේ ව්‍යාපාරයක් සිය බිරියගේ ද අනුමැතියට යටත්ව සිය නිවස තුළම සුළුවට ආරම්භකර ඇත.


උකසට ගන්නා කිසියම් භාණ්ඩයක් එය ගිවිසගත් ආකාරයට ගිවිසගත් දිනට උකස්කළ කෙනා විසින් බේරා නොගැනීමක් නිසා යම් ආකාරයකින් සින්නවීමක් හෙම වුවහොත් එම භාණ්ඩය ඉතා අඩු මුදලකට හෝ විකුණා අඩුතරමින් තමන් එම භාණ්ඩයට ගෙවූ මුදලවත් පියවා ගැනීමට ද ඔහු කටයුතු කරයි.
ඒ අනුව සින්නවූ අදාළ රූපවාහිනී යන්ත්‍රය ‘විකිණීමට’ යනුවෙන් සටහනක් තැබූ කොළ කැබැල්ලක් ද එහි අලවා එය සිය නිවසෙහිම කොටසක ප්‍රදර්ශනයකර ඇත. මේ පිළිබඳව ලද ආරංචියකට අසල්වැසි ගමකින් එහි පැමිණි පුද්ගලයෙකු රූපවාහිනී යන්ත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පළකර ගනුදෙනු ආදියද කතාබස්කර ගැනීමෙන් අනතුරුව යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂාකර බැලීමට එය නිවසේ විදුලි පේනුවකට සම්බන්ධ කර ඇතත් එහිදී අදාළ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වී නැති බවත් කියයි.
රූපවාහිනී යන්ත්‍රය මාස කිහිපයක් තිස්සේ භාවිතයට නොගෙන තිබීම නිසා ඇතැම් විට මෙවැනි තත්ත්වයක් උදාවන්නට ඇතැයි අනුමාන කරමින් එය ඊට අදාළ කාර්මිකයෙකු ලවා පරීක්ෂකර බලා කිසියම් දෝෂයක් ඇත්නම් එය යථාතත්වයට පත්කර පණිවිඩයක් එවන බව එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයාට මෙහිදී එහි නව හිමිකරු (උගසට ගත් පුද්ගලයා) පවසා ඇති බවද කියයි.
ඒ අනුව ඔහු එදිනම සිය බිරිඳගේද සහය ඇතිව ත්‍රිරෝද රථයකින් යාබද ගමක පලපුරුදු කාර්මිකයකු වෙතට රූපවාහිනී යන්ත්‍රය රැගෙන ගොස් ඇති බවත් එහිදී එය එකින් එක සීරුමාරුවට පරික්ෂාකර ඇති කාර්මිකයා අන්තිමට කී දෙයින් එය රැගෙන ආ පුද්ගලයා මෙසේ යක්ෂාවේෂව ඇති බවත් කියයි.
‘‘මේක මේ ඔයාට උකස් කරන්නත් කලින් වැඩ නොකර තිබූ ටීවී එකක්නෙ. මීට කලිනුත් මට මතකයි මං ගාවට හදන්න ගෙනත් බෑ කියල ආපහු යවපු ටී වී එකක් මේක. මේ තියෙන්නෙ මම අලවපු ස්ටිකර් එකත් තවම. මේ ටීවී දැන් වැඩක් නෑ . මේව මේ ගෙවල්වලින් අයින් කරන ඒවා. හදන්න බඩුත් හොයා ගන්න අමාරුයි. ඇයි බලල නෙවෙයිද ගත්තෙ. මේක ගොඩදාන්න වියදම් කරනවට වඩා ලාබයි අද කාලෙ අලු‍තින්ම ටී.වී එකක් ගන්න එක. මන්ද ඉතිං හොඳ විදියක්. ඒත් ඉතිං අපරාදෙ සල්ලි.‘‘ කාර්මිකයා එසේ පවසා ඇත.
ඒ අනුව යළි කාර්මිකයා ලවා අමුණා ඔහුගේම සහායෙන් ආපසු ත්‍රිරෝද රථයට පටවාගත් අදාළ රූපවාහිනී යන්ත්‍රය තමන්ගේ නිවෙසට රැගෙන යනවා වෙනුවට එය තමන්ට උකස්කළ පුද්ගලයාගේ නිවෙසට ගොස් ඔහු සාමාන්‍ය භාෂාවෙන් ආමන්ත්‍රණයකර ගෙහිමියා නිවසින් ගෙමිදුලට ගෙන්වා ගෙන ඇති බවත් අනතුරුව ඔහු පසුව සිය බිරිඳගේද සහයෙන් වදෙන් පොරෙන් ත්‍රිරෝද රථයෙන් එළියට ගෙන ඇති රූපවාහිනී යන්ත්‍රය එක්වරම දෑතින් ඔසොවා ගෙහිමියා ඉදිරියේම පොළොවේ ගසා ඇති ඔහු යක්ෂාවේෂයෙන්ම ‘මට පාඩු වුණාට කමක් නෑ. වංචාකාරයා මේක තියාගෙන මැල්ලු‍ම් හදල කනවා. මේවගේ කරන්න එපා’ ඇතුළුව තවත් මොන මොනව දෝ දේවල් කියමින්ම බිරිඳත් කැටිව රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් කියයි.

 



අදහස් (0)

උකස් බඩුවට අහු වී යකෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site