IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ඊසිකෑෂ් කරන්න ඇවිත් පොල්ලක් තියා පැනගිහින්

ඊසිකෑෂ් ක්‍රමයට මුදල් යැවීමට පැමිණි පුද්ගලයකු අසළ වෙළෙඳ සලේදී රුපියල් 9,750 ක මුදලක් ඊසිකෑෂ් කරන ලෙස පවසා එම මුදල ඊසිකෑෂ් කළ පසු මුදල් නොදී පවනට බඳු වේගයෙන් යතුරුපැදියකින් පලා ගිය බව දොඹගහවෙල නගරයට ආසන්න වෙළෙඳ සලකින් වාර්තා වේ.


එම සිද්ධිය මෙසේය.


යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යතුරුපැදිය අදාළ වෙළෙඳ සල ඉදිරිපිට නවතා වෙළෙඳ සලට පැමිණ රුපියල් 9,750 ක මුදලක් මෙම අංකයට ඊසිකෑෂ් කරන ලෙසට වෙළෙඳ සල් හිමිකරුට දුරකතන අංකයක් ලබාදී ඇත.


වෙනදා පුරුද්දට මෙන් වෙළෙඳ සල් හිමිකරු නාඳුනන පුද්ගලයාගෙන් මුදල් අතට නොගෙන අදාළ මුදල ඊසිකෑෂ් කර පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා ඇත. එවිට පොඞ්ඩක් ඉන්න යැයි පැවසූ නාඳුනන පුද්ගලයා වෙළඳසලෙන් පිටතට පැමිණ විගස හෙල්මටය පැළඳ පණගන්වා නතර කර තිබූ යතුරුපැදියේ නැග පලා ගොස් ඇත.


වෙළෙඳ සල් හිමිකරුවා පැවසුවේ එම යතුරුපැදිය තමා හඳුනා ගැනීමට පසුපස එලවා ගිය ද එහි අංක තහඩු නොමැති බවයි.


මුදල් වංචා කර පලාගිය පුද්ගලයා මෙය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති බවත් ඔහුගේ හැසිරීමෙන් මෙවැනි වංචා ක්‍රියාවන්ට ඔහුට මනා පළපුරුද්දක් ඇති බවත් තමාට අවබෝධ වූ බව වෙළඳ ආයතනයේ හිමිකරු පැවසීය.

(මඩුල්ල - සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර)



අදහස් (0)

ඊසිකෑෂ් කරන්න ඇවිත් පොල්ලක් තියා පැනගිහින්

ලලිත් Friday, 06 January 2017 03:52 AM

ඊසිකෑෂ් ක්‍රමයෙන් හොර වැඩ හුඟක් වෙනවා, කුඩු බිස්නස් විශේෂයෙන්ම (නි)

:       0       0

සම්පත් Thursday, 05 January 2017 11:55 AM

මෝඩ මනුස්සයෙක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site