IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉහපු ළිඳට එතෙර සිට ආ කතගෙන් අපූරු පිළියමක්

 විදේශගතව සිටි කතක් ශ්‍රී ලංකාවට පැමිණ ඉඩම් කොටසක් මිලට ගෙන නිවහනක් තනාගෙන ඇගේ මවද සමඟ කල් ගෙව්වාය.


 මේ දිනවල පවත්නා ඉඩෝරය නිසා ඔවුන්ගේ ඉඩමේ පිහිටි ළිඳද සිදිගියේය.


 ළිඳ ඉසිමින් ජලය ලබාදීමට කොන්ත්‍රාත්කරුවකු පැමිණියේය. ඔහු සේවකයන් යොදා ළිඳේ  මඩ ඉවත් කොට පිරිසුදු කර දුන්නේය. ඔවුන් ළිඳේ කටයුතු නිමා කොට ආපසු යද්දී ළිඳේ වතුරට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දමන ලෙස උපදෙස් දුන්නේය.


පසුදා වනවිටද ළිදේ ජලය බොර ගතිය ඇරී නොතිබිණ. ඇය කොන්ත්‍රාත්කරුට කතා කළේය.


 ඔහුද තවත් මුදලක් ලබාගත හැකි යයි සිතා නිවෙසට පැමිණියේය.


නෝනා ළිඳට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දැම්මද?


“ඔව්” මම ළිඳට දමන නිසා හොඳ ප්ලාස්ටික් මල් දෙකකුයි අගුරුයි දෙකම දැම්ම. ඈ කීවාය. කොන්ත්‍රාත්කරුට කාරණය වැටහිණි.


 “නෝනා ළිඳ ඉස්සට පස්සේ ළිඳට දමන්නේ ඉද්ද මල් වගේ වනමල් දෙක තුනක්. ප්ලාස්ටික් මල් දමල වැඩක් නෑ........”


කොන්ත්‍රාත්කරු කරණය පැහැදිලි කරදී යන්නට ගියේ නැවත වනමල් වෙනුවට ප්ලාස්ටික් මල් නොදමන ලෙසට උපදෙස් දෙමිණි. 

(දූනගහ - බටේපොළ විජයසිරි)



අදහස් (0)

ඉහපු ළිඳට එතෙර සිට ආ කතගෙන් අපූරු පිළියමක්

අබය Monday, 17 October 2016 08:58 PM

ප්ලාස්ටික් මල් කොච්චර හොඳද? නරක් වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ජෝන් Wednesday, 19 October 2016 04:41 PM

වැඩේ එළිවුණා නේද? ගමේ ඔක්කොම දෙනා අද කතාවෙන්නේ මේ ගැනයි.

:       0       0

නර්මදා Wednesday, 19 October 2016 03:20 AM

කවුරු හරි පැහැදිලි කරලා දෙනවද අඟුරු හා මල් ලිඳට දැම්මහම කොහොමද වතුර උනන්නේ කියලා? නොදන්නා කමට අහන්නේ.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 18 October 2016 12:48 AM

අඟුරු කෑල්ලත් ප්ලාස්ටික් වලින්ම දැම්මා නම් ඔන්න ප්‍රතිඵල ගන්න තිබුනා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

උපුල් Tuesday, 18 October 2016 01:18 AM

එයා රට ගියාට පස්සේ ගමේකම අමතකවෙලා ඇති (නි)

:       0       0

උදය Friday, 21 October 2016 03:36 AM

නර්මදා, සිංහල දන්නේ නැද්ද? නැත්නම් කියවන්න අමාරුද? අායෙත් කියවලා බලන්න (නි)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 04:25 AM

දැන් ඔක්කොම ප්ලාස්ටික් වෙලානේ තියෙන්නේ. මම හිතන්නේ ඔය රට ගියාම මොළෙත් ප්ලාස්ටික් වෙනවා සමහර අයගේ (නි)

:       0       0

ප්‍රදීප් Friday, 21 October 2016 07:14 AM

අගුරුවල පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙනවා , එත් මල්වල හෙම දෙයක් නැහැ , ඕක නිකන් සිරිතක් විදිහට කළාට , ළිදක මඩ වතුර පසුව පිරිසිදු වෙනවා එක තම ස්වබාවය, මේවා නිකන් බොරු මත විතරයි (අ).

:       0       0

ගුණවර්ධන Tuesday, 18 October 2016 06:00 PM

උපුල්, ගමට නියඟය, ඉද්ද මල් නැහැ, ප්ලාස්ටික් තමයි... කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

අජිත් Monday, 24 October 2016 01:51 PM

ප්‍රදීප්, ඔයා තවම ළපටි වැඩියි ඕවා තේරුම් ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site