ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ
අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුවක් හිමිවූ ගුරුවරයකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබෙයි.

දැන ගැනීමට ලැබෙන පරිදි මේ ගුරු මහතා පාසලට ලැබෙන වැටුප් ලේඛනයේ අත්සන තැබීමට කාර්යාලයට ගොස් තිබේ. වැටුප් විස්තර ලේඛනය තම නම ඉදිරියේ වූ ගෙවීම් අඩුකිරීම් සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමේදී ඔහුට හීන් දාඩිය දමන්නට විය. මූලික වැටුප අඩකින් අඩුව සටහන් කොට තිබිණි. සමාන වැටුපක් ලබන සෙස්සන්ගේ වැටුප් විස්තරද හේ කියැවීය. ඒවායේ වෙනසක් ඔහු නොදිටීය.
සිදුව ඇති විලම්බීතය ගැන තේරුම් ගැනීමට නොහැකි වූ තැන පෞද්‍්ගලික නිවාඩුවක් ලබාගෙන පසුදින ඔහු කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් අංශයට ගියේය. අදාළ විෂය බාර ලිපිකාර තැනට මේ අලකලංචිය ඉදිරිපත් කළේය. ලිපිකාර තැනද ලිපිගොනු දිගහැර අවුස්සමින් සිටියදි එකවරම ඒ ඇස් නළලේ රැඳුන බව ගුරු මහතා දුටුවේය.
‘පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා. අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගත් ගුරුවරියකගේ වැටුප තමයි සර්ගේ නමට හැදිලා තියෙන්නේ. ලබන මාසේ පඩියට මේක නිවැරදි කරලා දෙන්නම්’ යි ලිපිකාර තැන ගුරුවරයාට කීවේය.
ගුරු මහතාගේ අවසන් බලාපොරොත්තුවද ඒ පිළිතුරෙන් සුනේ සුන්විය. බැංකු ණය වාරික ලීසිං වාරික, ගමේ කඩේ ණය පොත එකින් එක ඔහුගේ සිත පාරන්නට විය.
මේ පාසලේ එකම මුල් අකුරු හා එකම නමක් අගට තිබෙන ගුරුවරයෙක් හා ගුරුවරියක් සේවයේ කරති. ගුරුවරිය ප්‍රසූත නිවාඩු ලැබ සිට ඒ නිවාඩුව අවසන් වීමෙන් පසු 2022 මාර්තු මස සිට යළි අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ලබාගෙන තිබේ.
අඩ වැටුප් සහිතව ප්‍රසූත නිවාඩු ලැබගත් ගුරුවරියගේ වැටුප මේ ගුරුවරයාට ද ගුරුවරයාගේ වැටුප අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩු ගිය ගුරුවරියට ද වශයෙන් සකස් කිරීම නිසා මේ විලම්බිතය සිදුව ඇති බවත් ඒත් නමට ඉදිරියෙන් යොදන මිස්ටර්, මිසිස් මිස් හෝ නම අගට යෙදෙන මයා, මිය, මෙනවිය ගැන සැලකිලිමත් වූයේ නම් මේ අවුල සිදු නොවන බවත් ඒ ගුරු මහතා කියයි.
විධායක ජනාධිපතිවරයකුටවත් කළ නොහැකි විපර්යාසයක් මේ කලාප අධ්‍යාපන කාර්යාලය කිරීමට සමත් වූ බවත් ඒ නිසාම එය ඉතිහාස ගත වන බවත් ගුරුවරු කියති.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉස්කෝලෙ මහත්තයා පඩි බාගේ ප්‍රසූත නිවාඩු ගිහින්