රිය පැදවීම සඳහා ලබා ඇති ප්‍රවීණතාව ප්‍රමාණවත් නැති බවට මෝටර් රථ පරීක්‍ෂකවරයා කළ දැනුම්දීමෙන් පසු කලබල වීමෙන් තොරව ඉවසිල්ලෙන් යුතුව නියමිත සංඥා අනුව ගොස් වාහනය නවතා ඉන් බැස යද්දී ඒ හේතුව මතම රියැදුරු බලපත්‍රයක් ලබාදීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය.
වයස තරමක් මුහුකුරා ගිය රටේ නමගිය තැනක සේවය කළ පුද්ගලයෙකි. වාහන පැදවීමට සුළු හැකියාවක් තිබුණත් ඔහුට රියැදුරු බලපත්‍රයක් තිබුණේ නැත. පවුලේ අයගේ ද කැමැත්ත මත කුඩා ලොරියක් මිලදී ගත්තේ රැකියාවෙන් විශ්‍රාම ලැබූ පසු ව්‍යාපාරයක් කරන අරමුණ ඇතිවය.
රිය පැදවීමට බලපතක් ලබා ගැනීම අවශ්‍ය බැවින් රිය පුහුණු පාසලකට ගිය ඔහු ඒ සඳහා කටයුතු කළේය. පුහුණුවෙන් පසු ප්‍රවීණතාව පෙන්වන දිනය උදා විය. හිතේ චකිතයක් තිබුණත් ඔහු පරීක්‍ෂකවරයා හමුවේ රිය පැදවූයේ දැඩි කල්පනාවෙනි. වැඩි සැලකිල්ලෙන් කළ ධාවනය පරීක්‍ෂකවරයාගේ සිත් ගත්තේ නැත. “තව ටිකක් පුහුණු වෙලාම ලයිසන් එක ගනිමු නේද?” කී පරීක්‍ෂකවරයා වාහනය නතර කරන ලෙසට උපදෙස් දුන්නේය.
පරීක්‍ෂකවරයාගේ වචනයෙන් සිත් තැවුලක් ඇති කර නොගත් ඔහු කිසිදු කලබලයකින් තොරව නියමිත සංඥා දක්වමින් වාහනය පාරේ අයින් කර නවතා සුක්කානමට ආචාරකර රියෙන් බැස්සේ පසුව අවස්ථාව උදා කර ගන්නා අදහස ඇතිවය. ඔහුගේ සන්සුන් ක්‍රියාකලාපය ගැන පැහැදුණු පරීක්‍ෂකවරයා “මහත්තයා ආයේ එන්න ඕන නැහැ. මේ තරමට ඉවසිල්ල තියෙන එකම ඇති” යි පවසා තාවකාලික බලපත්‍රය ලියා අතට දුන්නේය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉවසිල්ල වැඩිවෙලා රියබලපත අතටම ලැබිලා