IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරිසියාවෙන් වාහනයක් ගන්න ගිය සැමියාට බිරිඳගෙ ‘රිවස්එක’ හරස්වෙලා

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
අල්ලපු ගෙදර උදවිය මෝටර් රථයක් මිලදී ගත් නිසා ඊර්ෂ්‍යාවට ගත් වාහනයේ ෆිනෑන්ස් ගෙවා දැමීමට දෑවැද්ද ඉල්ලා බිරිඳට තඩි බෑමේ සිද්ධියක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ.


මොහු විවාහ වූයේ මීට වසර පහළොවකට පමණ ඉහත දීය. මුලදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිවුවත් දෙපාර්ශ්වයේ කැමැත්තෙන් විවාහ මංගල්‍යය සිදු විය. දෑවැද්දට කිසිම දෙයක් අවශ්‍ය නැතැයි කියමින් දෑවැද්ද ප්‍රතික්ෂේප කළේ මනමාලියගේ පාර්ශ්වයේ අය සතුටට පත්කරමිනි. 


සාමයෙන් සමගියෙන් වසර පහළොවක් දීග කෑවත් එයට හෙනහුරා ලැබුවේ අල්ලපු ගෙදර උදවිය අලු‍තෙන් මෝටර් රථයක් මිලදී ගැනීම නිසාවෙනි. ඒ අයට යමක් කමක් තිබූ අතර  ඒ නිවෙසේ බිරිය රජයේ රැකියාවක් කළාය. ඒ නිසා බැංකුවෙන් ණය මුදලක් ගෙන අලු‍තෙන් මෝටර් රථයක් මිල දී ගෙන ආවේය. 


අල්ලපු ගෙදර උදවිය මෝටර් රථයෙන් ගමන් බිමන් යද්දී මොහුට ඊර්ෂ්‍යාවක් ඇතිවිය. ඒ අය වාහනයක් ගත්තනම් ඇයි අපට වාහනයක් ගන්න බැරි යැයි ඒ වාහනය දකින දකින වාරයක් පාසා ඔහු සිතුවේය.


‘අල්ලපු ගෙදර වාහනයක් අරගෙන උජාරුවට යන්නේ අපට පේන්නයි. ඔයාට හිතෙන්නේ නැද්ද අපටත් වාහනයක් ගත්තනම් හොඳයි කියල’


ඔහු සිය බිරියට හිතේ තිබූ දේ පැවසුවේ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි.


‘අනේ ඔයාටත් පිස්සු. ඒ අය වාහනයක් ගත්තට අපට වාහනයක් ගන්න පුළුවන්ද? අපිට තිබෙන වත්කම මොකක්ද?’


‘එහෙම කියන්න එපා හාමිනේ. ඔයා ඉන්නේ නිතරම රිවර්ස් ගියර් එකේ. ඔහොම හිතලනම් කවදාවත් දියුණු වෙන්න බැහැ. යර්ස් අයි කැන්’ කියල නිතරම හිතන්න. හිතුවොත් ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්’


‘මම ඉන්නේ රිවර්ස් ගියර් එකේ නොවෙයි. ඕන වෙලාවට ෆස්ට් එකේ යන්නත් පුළුවන්. අවශ්‍යනම් තර්ඩ් එකේ යන්නත් පුළුවන්.  අල්ලපු ගෙදර අයට කුරුඳු ඉඩම් තියෙනවා. අපට එහෙම තිබෙනවද? අනික ඒ ගෙදර ගෑනිත් රස්සාවක් කරනවා. ඔයා රස්සාවක් කරනවද? මම රස්සාවක් කරනවද? ඔය පිස්සු විකාර නැතුව අනුන්ට ඉරිසියා කරන්නේ නැතුව ඉඳිමු’


බිරිය සිය පුරුෂයා ට කරුණු පැහැදිලි කර දෙමින් කීවාය. 


බිරිය ගේ වදන් තඹ දොයිතුවකටවත්  ගණන් නොගත් ඔහු ගෙදර තිබූ බිරියගේ කන කර ආභරණ සියල්ල උකස් කරමින් හා අඩුපාඩුවට ෆිනෑන්ස් කරමින් වාහනයක් ගෙන ආවේය. 


මාස කිහිපයක් යන විට වාහනයේ ෆිනෑන්ස් ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් උදාවිය. මොහු දස අතේ කල්පනා කළේ ෆිනෑන්ස් ගෙවා දමන අයුරුය. 


‘මම කිව්ව දේ ඇසුවනම් ඔහොම වෙන්නේ නැහැ නේද? වාහනය ෆිනෑන්ස් එකෙන් ඉස්සුවොත් අපට වාහනයත් නැහැ. මගේ කන කර ට තිබූ දේත් නැති වෙනවා’


බිරිය යථා තත්ත්වය පැහැදිලි කර දෙමින් කියන්නට වූවාය.


‘ඔය මූසල කටින් දෙයක් කිව්වොත් කිසිම දෙයක් හරි යන්නේ නැහැ. තමුසේ එක්කගෙන ආවේ මම නිකං. දෑවැද්දට කිසිම දෙයක් දුන්නද? මට වෙන ගෑනියෙක් ගත්තනම් ලොකු දෑවැද්දක් ගන්න තිබුණා. ගිහින් දෑවැද්ද ඉල්ලගෙන එන්න’


‘අනේ ඔයාගෙ කයිවාරුව. දෑවැද්ද එපා කියල අපේ අම්මල තාත්තල ඉදිරියේ වීරයා වගේ රඟපෑවේ. අවුරුදු පහළොවකට පස්සෙ ද තමුසෙට දෑවැද්ද ඕන වුණේ. මම වාහනයක් ගන්න කිව්වෙත් නැහැ. දෑවැද්ද ගේන්නෙත් නැහැ. ඕන විදියකට ෆිනෑන්ස් ගෙවා ගන්න එකයි ඇත්තේ’
බිරිය කීවාය.


බිරිඳගේ වදන්වලට කෝප වූ පුරුෂයා දෑවැද්ද ඉල්ලා බිරිඳ ට නිතර නිතර පහර දෙන්නට විය. මෙසේ පහර දීම නතර වූයේ  පොලීසියට ගොස් පැමිණිලි කිරීමෙන් පසුවය. 

 



අදහස් (1)

ඉරිසියාවෙන් වාහනයක් ගන්න ගිය සැමියාට බිරිඳගෙ ‘රිවස්එක’ හරස්වෙලා

sampath Sunday, 26 December 2021 10:52 PM

අනුන් කරන දේවල් කරන්න ගිහින් විනාශ වුණු ජාතියක් වේ නම් ඒ ලාංකීය ජාතියයි. අනුන් කරනවට උසස්පෙළ විෂය ධාරාවන් තෝරාගන්නවා. අනුන් ගේනවට වාහන ගන්නවා. කරන්නන් වාලේ කරනවා. තමන්ට තියෙන ශක්‍යතාවයෙන් හිතලා බලලා දිගු කාලීනව සැලැස්මක් අනුව කටයුතු කරලා වැඩ කරනවා නම් මොනතරම් අපිට දියුණු වෙන්න තිබුණද? 

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site