හසලක - සුනිල් ඒකනායක
ඉබ්බන් මරා එම මස් අලෙවි කරනු ලැබූවකුට එම රැකියාවට තිත තැබීමට ඉබ්බකු විසින්ම කටයුතු කිරීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
ඔහු තිස්අට වියේ පසුවන තිදරු පියෙකි. ගොවිතැන සිය ජීවන වෘත්තිය කරගෙන එන මොහුගේ තවත් ආදායම් මාර්ගයක් වන්නේ ගංගා, ඇළ දොළවල සහ දිය කඩිතිවල සිටින මසුන් අල්ලා විකිණීම සහ ඉබ්බන් අල්ලා මස් කර ඔහුගේ හිතවතුන්ට අලෙවි කිරීමයි.
ඉබි මස්වලට ලොල් වී ඇති බොහෝ පාරිභෝගිකයන් ඔහු හමුවන සෑම විටම විමසන්නේ අද අරවා නැද්ද? ලද වහාම ගෙනත් දෙන්න කියාය. ඉබි මස්වලට පාරිභෝගිකයන්ගේ පවතින ඉල්ලුම ඉහළ යාමත් එයින් ලැබෙන සරු ආදායමත් හේතුවෙන් මසුන් ඇල්ලීමට වඩා ඔහු ප්‍රිය කරන්නේ ඉබි මස් වෙළෙඳාමටය.
මෙදින රාත්‍රී 7ට පමණ පාරිභෝගික හිතවතකුගේ ඉල්ලීමට ඔහුත් සමඟ මත් වතුරෙන් ද සප්පායම් වී ගියේ ගමේ වෙල්යාය පහළින් ගලා යන දොළ පාර වෙතය. මෙම දොළේ නිතරම ඉබ්බන් ඉන්නා බව ඔවුහු දනිති. දොළ පාරේ කීපවරක් ඉහළට පහළට ගිය ඔවුන්ට හොඳින් වැඩුණු ඉබ්බෙක් හමුවිය. ඉබ්බා අල්ලාගත් ඔහු ගොඩට ගෙන ඉබ්බා ගැන විපරම් කරමින් ඒමේ පැත්ත පෙරළමින් සිටිද්දී ඉබ්බා එක්වරම ඔහුගේ අතේ ඇඟිල්ලක් හපා ගිලගත්තේ කිසිදා නොසිතූ අයුරිනි.
සිදු වූ මේ අකරතැබ්බයෙන් කලබලයට පත් ඔහු ඉබ්බාගේ කටේ තිබෙන ඇඟිල්ල යහළුවාගේද සහය ඇතිව ඉවතට ගැනීමට කොතෙක් උත්සාහ කළත් ඉබ්බා තව තවත් තදින් ඇඟිල්ල සැපීම සහ ගිලගැනීම නිසා එය නිෂ්ඵල විය.
ගිනි මැලයක් ගසා ඉබ්බා ඒ මත තැබුවහොත් කට අරීවි යැයි ඔහු මිතුරාට පැවසුවේ ඉබ්බාගේ උගුලෙන් බේරීමේ අන්තිම උත්සාහය ලෙසිනි.
සාක්කුවේ තිබූ ලයිටරය ගෙන දර කෝටු ටිකක් එකතු කර ගිනිමැලයක් සූදානම් කරන ලෙසට ද ඔහු කීවේ කෙඳිරිගාමින් මෙනි.
මිතුරා වහා එම කටයුත්ත කළ පසු ඔහු අතේ සිටි ඉබ්බාගේ පිටුපස කොටස ගිනිමැලයට ඇල්ලුවේය. ගත වූයේ තත්පර කීපයකි. ඉබ්බා කට ඇරියෙන් ඇඟිල්ල ඉවතට ගත් සැනින් ඔහු ඉබ්බා නැවත අසල දිය මාර්ගයට විසිකර දමා මිතුරා සමඟ වහා පිටව ගියේ ඉබ්බාගේ සැපීම නිසා ඉවසිය නොහැකි වේදනාව නිසාත් ඒ වන විටත් ලේ ගලමින් තිබූ ඇඟිල්ලට ප්‍රතිකාර ගැනීම සඳහාත් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙතය.
මෙම සිදුවීම පසුදින ගමේ කඩේ කොල්ලන්ගේ බයිට් එක වූ අතර එදිනෙන් පසු ඔහු ඉබ්බන් ඇල්ලීම තබා ඇළකට බැසීමට පවා බියක් දක්වන අයකු බවට පරිවර්තනය විය.
එහෙත් කඩ මණ්ඩියේදී ඔහු හමුවන ගමේ කටකාර කොල්ලන් කරන විහිළුවලට නම් අමිහිරි වදනින් පිළිතුරු දෙන්නේ වෙන කළ හැකි දෙයක් නොවන හෙයිනි.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඉබි දඩයමට ඉබ්බෙක්ම පාඩමක් උගන්වලා