IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්


පොහෝ දිනක සිල්ගන්නට පන්සලට ගොස් සිල් බිඳගත් පුද්ගලයකු ගැන දකුණු ලක ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වෙයි.
වසර 65 කට වඩා වැඩි කාලයක් ඉඩම් නඩු කියමින් කාලය ගත කළ ඔහු මෙවර වෙසක් පුන් පොහෝ දින ප්‍රසිද්ධ විහාරස්ථානයක සිල් සමාදන්වීමට තීරණය කළේ තම බිරියගේ හා දරුවන්ගේ පෙරැත්තයම නිසාවෙනි. 
පොහෝ දින උදෑසනම ඔහු පාපැදියෙන් පන්සලට ගියේ ගමේ කාටත් නොපෙනෙන පරිදිය.
 එදින ඔහු සිල් සමාදන් වූ බව දැනගත්, ඉඩම් හබයකට පැටළුණු පුද්ගලයෙක් ඉඩමේ මායිම සටහන් කර ගන්නට පැල ඉනි වැටක් සකස් කරන්නට විය.
 සිල් සමාදන් වී පසෙකට වී සිටි ඔහුට දන්නා කියන කෙනකු පැමිණ කනට කර පැවසුවේ මාමේ ඔහේගෙ ඉඩම අල්ලා අහවල් පුද්ගලයා වැටක් ගහන බවයි. 
ඒ තොරතුරත් සමගම කිපුණු ඔහු අතේ තිබූ දේවල් ද පසෙක දමා නොසරුප් වචනයක් ද කියා “ඕකුන් කොහොමද මගේ ඉඩමේ වැටවල් ගහන්නේ මමත් එක්ක හැප්පෙන්න ඕකුන් කවුද?”‍ යනුවෙන් බැන වදිමින් උතුරු සළුව ගෙල වටා ඔතා, සරම ද කැසපට ගසා පාපැදියට නැගී යන්නට සූදානම් විය. මේ වනවිට මෙම සිදුවීම බලා සිටි සිල්ගත් තවත් කෙනකු පැවසුවේ සිල් පවාරණය වී යන ලෙසයි. 
“මොන සිල් ද ඕයි”‍ යනුවෙන් අත දිගුකරමින් පැවසූ ඔහු පා පැදියට නැගී යන්නට ගියේ විදුලි වේගයෙනි.



අදහස් (0)

ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site