IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඉඩම මාරුවී අනුන්ගේ ඉඩමක් පුරවලා

විදේශගතව සිටින සිය මිතුරාගේ ඉඩමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මෙරට සිටින මිතුරාට පැවසීමෙන් පසුව රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් වැයකර වෙනත් ඉඩමකට පස් දමා එම ඉඩම සකස් කිරීමේ සිදුවීමක් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩි වත්ත ප්‍රදේශයෙන් ලංකාදීපයට වාර්තා විය.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
පාසල් සමයේ සිටම දෙදෙනා ගජ මිතුරන්ය. එක් මිතුරකු යුරෝපා රටකය. මෙරට මිතුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකි. විදෙස්ගත මිතුරාට ඉඩමක අවශ්‍යතාව පැවැසූ විට තම ඉඩම ආසන්න ඉඩමක්ද මෙරට සිටින ව්‍යාපාරික මිතුරා ලබාගෙන ඇත. පසුව දෙදෙනාම  ව්‍යාපාරික ස්ථාන දෙකක් ඉදිකිරීමටද සැලසුම්කර ඇත. ඒ අනුව මෙරට සිටින මිතුරා විශාල වියදමක් දරා ව්‍යාපාරික ගොඩනැඟිල්ල මේ වනවිට  ඉදිකරමින් පවතී.


මේ අතර විදෙස්ගත මිතුරා තම ඉඩම පස් පුරවා මනා ලෙස සකස් කරන ලෙස තම ඉඩම ලබාගත් මිතුරාට පවසා ඇත. ඒ අනුව රුපියල් පනස් දහසකට අධික මුදලක් වැයකර මිතුරාගේ ඉඩමට පස් පුරවා අලංකාර ලෙස සකසා විදෙස්ගත මිතුරාට දුරකතන ඇමතුමක්ද ලබාදී ඇත.
දින කීපයකට පසුව මෙරට ව්‍යාපාරික මිතුරා තම ඉදිකිරීමේ කටයුතු සොයා බැලීමට ගොස් සිටියදී අයෙකු පැමිණ ‘‘මල්ලී මම අවුරුදු ගාණක් ඉඳලා මගේ ඉඩමට පස් පුරවන්න බැරිව හිටියේ. ඒත් කවුද දන්නේ නෑ පස් පුරවලා ඉඩමත් ලස්සනට හදලා”‍ යනුවෙන් පවසා ඇත.
එහිදී තමන්ම මිතුරාට අරන් දුන්න ඉඩම වෙනුවට වෙන ඉඩමකට පස් පුරවා ඇති බව අවබෝධ වන විට තමන් පනස්දහසක පමණ මුදලක් වැය කළ බවද සිහියට පැමිණ ඇත.

හඟුරන්කෙත ඒ.ජේ. කරඳගොල්ල



අදහස් (0)

ඉඩම මාරුවී අනුන්ගේ ඉඩමක් පුරවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site