IMG-LOGO

ඉඩම් පෙරේත පුතා මවගෙ වචනෙට මට්ටුවෙලා

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
ඉඩමක් තමාගේ නමට ලියා දෙන ලෙස ඉල්ලමින් බිරියගේ බලපෑම මත මවට එරෙහිව සමථ මණ්ඩලයට ගිය පුතෙකු මවගේ ඉදිරි වැඩපිළිවෙළ අසා දෙපා වැඳ සමාව ඉල්ලා සිටීමේ පුවතක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ. 


මොහු පවුලේ බඩපිස්සාය. මොහුට වඩා වැඩිමහල් සහෝදරයෝ සහ සහෝදරියෝද සිටිති. කුරුඳු ඉඩම් කිහිපයක් මව සතුය. මව කුරුඳු සහ කුරුඳු කට්ට තලා විකුණමින් බොහෝ දුක් මහන්සියෙන් මුදල් හරි හම්බ කරගනුයේ දරුවන්ටවත් බරක් නොවී ජීවත් වීමටය. 
වැඩිමහල්කම අනුව වරින් වර සිය දරුවන්ට තම ඉඩම්වලින් කොටස් ලියාදීම සිදු කළේ දරුවන්ගේ ඉල්ලීමට නොව සිය කැමැත්තෙන්මය. එසේ ඉඩම් ලියා දී ඉතිරිව සිටියේ බාල පුතා හෙවත් බඩපිස්සාය. 


මව සහෝදර සහෝදරියන්ට ඉඩම් ලියා දුන්නත් තම සැමියාට ඉඩමක් නොදීම ගැන බාල පුතාගේ බිරිය වඩාත් උරණ වූවාය.
‘බලන්න මෙයා... ඔයාගෙ අම්මා අයියලාට අක්කලාට එක එක ඉඩම් ලියා දුන්නා. ඔයාට විතරයි තවම ඉඩමක් දුන්නෙ නැත්තෙ’  බිරිය කීවාය.


‘අපි කලබල වෙන්න ඕනෙ නැහැ. අම්මා කවදහරි දවසක ලියල දේවි’


‘එහෙම පුළුවන්ද? අපටත් දරුවෝ ඉන්නවා. උන්ට කවදහරි මහ පාරේ යන්න කියනවද? අදම ගිහිල්ලා අම්මගෙන් ඉඩමක් ලියව ගන්න. දැන් අයියල, අක්කල කුරුඳු විකුණල කීයක් සොයා ගත්ත ද? ඔයාට විතරයි නැත්තේ. ඔයා අම්මගේ බඩෙන් වදාපු පුතෙක් නොවේද?’
‘ඒකනම් ඇත්ත. මට විතරයි අම්ම ඉඩමක් දුන්නෙ නැත්තෙ. ඕවා මැරුණට පස්සෙ අරගෙන යන්නද? අයියල අක්කල මේ පාර කුරුඳු විකුණල හොඳ ගානක් සොයා ගන්න ඇති. දැන් කුරුඳුත් ගණන් නොවැ. අම්මට කියල බලන්න ඕන’


ඉඩමක් ලියවා ගන්නා ලෙස සිය බිරිය‍ගේ ඉල්ලීම සාධාරණ බව සිතට ගත් බාල පුතා ඉඩමක් ලියා දෙන ලෙස මවගෙන් ඉල්ලා සිටියේය.


‘උඹට තව කල් තියෙනවා. ඒක මම වෙලාව ආවම ලියල දෙන්නම්. උඹ කලබල වෙන්න එපා’ පුතා සනසමින් කීවාය.
‘අම්ම මැරුණට පස්සේ කොහොමද ලියන්නේ? මේ කොරෝනා අස්සේ කොයි වෙලාවෙ මැරෙයි ද කියල කියන්න බැහැ. අයියල අක්කල කුරුඳු තලා ගන්නවා. මටත් දරුවෝ ඉන්නවා කියල අම්මා දන්නෙ නැද්ද? හෙට අනිද්දම ඉඩම ලියා නොදුන්නොත් මම පොලීසි යනවා’


‘උඹ පොලීසි නොවෙයි, ඕන ඒජන්ත කෙනෙක් ළඟට පලයන්. මම ලියල දෙන්නේ මට ඕන වෙලාවට’
‘හා... එහෙමද? එහෙනම් බලා ගමු’
තර්ජනාත්මකව කී පුතා නැවතුණේ පොලීසියේය. එහි ගොස් පැමිණිල්ලක් කළේ සිය මවට විරුද්ධවය. 
පොලීසියෙන් මෙම අවනඩුව සමථ මණ්ඩලයට යොමු කළේය. නියමිත දිනයේ මවත්, පුතත්, ලේලියත් සමථ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ. 


‘අම්මා අනෙක් දරුවන්ට ඉඩම් ලියල දීල තිබෙනවා. මට විතරයි ලියල දුන්නෙ නැත්තෙ. මටත් ඉඩමක් දෙන්න කියන්න’
‘මහත්තයෝ මගේ මිනිහත් නැතුව මම කුරුඳු තලල, කට්ට තලල බොහොම අමාරුවෙන් දරුවොත් හදාගෙන ඉඩම් ටික ගත්තේ. මම මේ පුතාට නොදී ඉන්නෙ නැහැ. මම මැරුණම අරගෙන යන්න නොවෙයි. ටිකක් ඉවසන්න කියන්න’
මව සමථ නිලධාරින් ඉදිරියේ කියා සිටියාය.


‘එහෙම නොවෙයි අම්මේ...ඔය ඉඩම දෙනවනම් ඉක්මනින් ලියල දෙන්න’ සමථ නිලධාරීහු කියා සිටියහ.
‘ඒක තමයි මහත්තයෝ ඉඩම දෙන්න කියන්නේ. මැරුණට පස්සෙ කොහොමද ලියල දෙන්නේ. එතකොට මට සිද්ධ වෙන්නේ අයියල අක්කල එක්ක ඉඩම් වලට මිනී මරා ගන්නයි’ පුතා කීය.


‘අම්මෙ ඔය ඉඩම ලියල දෙන්න. එහෙනම් තමා ඔප්පු ගාස්තු ලෑස්ති කර ගන්න. අම්මා ලියල දේවි’ සමථ නිලධාරිහු කීහ.
‘මහත්තයෝ එහෙම කරන්න බැහැ. මම අනෙක් දරුවන්ට ඉඩම් ලියල දුන්නෙ ඒ අයගෙන් ඔප්පු ගාස්තු අයකරගෙන නොවෙයි. දෙනවනම් දෙයක් අංගසම්පූර්ණ විදියට දෙන්න ඕනා. මගේ අතින් ඔප්පු ගාස්තු දීලයි ඉඩම් ලියල දුන්නේ. ටිකක් ඉවසල ඉන්න කියන්න’ 


‘අම්මේ ඔප්පු ගාස්තු ගැන කලබල ‍වෙන්න එපා. මම ඔප්පු ගාස්තු සොයා ගන්නම්. අම්මට තියෙන්නේ ලියල දෙන එක විතරයි’ පුතා කීය.
‘මහත්තයෝ දැන් ටික දවසකට ඉස්සෙල්ලා පෙරකදෝරු මහත්තයෙක් මුණගැහෙන්න ගියා. ඒ මහත්තයා ඉඩම ලියන්න ලොකු ගාණක් කිව්වා. මා ළඟ තිබෙන්නේ පොඩි මුදලයි. ඒකට මම මේ පාර කට්ට තලා විකුණල ඉඩම ලියා දෙනවා. ඒ නිසයි මම කිව්වේ ටිකක් ඉවසල ඉන්න කියල’


මවගේ ප්‍රකාශයත් සමඟ ම පුතාට ලැජ්ජාවක් ඇතිවිය. 


‘ඔව් මහත්තයෝ අම්ම කියන්නේ බොරුවක් නොවෙයි. ඇත්ත. අම්මා අයියලට, අක්කට ඉඩම් ලියල දුන්නේ ඔප්පු ගාස්තු අයකරගෙන නොවෙයි. අනේ බුදු අම්මේ මට සමාවෙන්න. අම්මා කැමති දිනයක, කැමතිනම් විතරක් ඉඩම ලියල දෙන්න. නුදුන්නත් මගේ හිතේ තරහක් නැහැ අම්මේ. අම්ම ට මගෙන් ඕන තරම් වැරදි සිදුවුණා. අනේ අම්මේ සිය දහස් වාරයක් මට සමාවෙන්න’
මවගේ දෙපා ළඟ වැඳ වැටී සමාව ගත්තේ කවුරුත් මවිතයට පත්කරමිනි.

 



අදහස් (0)

ඉඩම් පෙරේත පුතා මවගෙ වචනෙට මට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site