IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඉඩමට අව්ව එන්න අසල්වැසියාගේ මායිම් වැට දරට විකුණලා

වියලු‍ව වාර්තාකරු

යාබද ඉඩමේ වැට මායිමට සිටුවා ඇති ඇල්බීසියා ගස්වලින් තම ඉඩමට හිරු එළිය නොවැටෙන්නේ යැයි පවසමින් එම මායිම් වැට මුලින්ම කපා දර වෙළෙන්දකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තාවේ.

සිද්ධිය මෙසේ ය.

ඔවුහු යාබද ඉඩම්වල පදිංචිකරුවෝ වූහ. එක් ඉඩමක හිමිකරුවෙක්   මායිම් වැටට හිමිකම් කීවේය.

වැට මායිම් කර තිබුණේ සිටුවන ලද ඇල්බීසියා ගස් පෙළකිනි. කලක් තිස්සේ වැට නොකැපීම හේතුවෙන් එහි ඇල්බීසියා ගස් ඉතා සරුවට මෙන්ම  මහතට වැඩී තිබිණි.

මේ දිනවල ප්‍රදේශයේ පිහිටි දර විදුලි බලාගාරයකින් ඇල්බීසියා දරවලට තිබෙන්නේ ඉහළ ඉල්ලු‍මක් බැවින් යාබදව පදිංචි අනෙක් ඉඩම් හිමියා  හොඳින් වැඩුණු ඇල්බීසියා ගස් පෙළ දෙස බලා හිටියේ දැඩි කෑදරකමකිනි.

වැට අයත් ඉඩම් හිමියා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බැවින්  කිසිවක් නොවිමසූ යාබද ඉඩම් හිමියා වැටේ කොටසක් කපා එම දර අට්ටි ගසන්නට වූයේ වැඩි මිලට විකුණා කීයක් හෝ හොයා ගන්නටය.

තමුන්ට අයත් වැට යාබද ඉඩම් හිමියා විසින් දරට කපන බවට ලද තොරතුරක් මත වැට අයත් ඉඩම් හිමියා ඉඩමට පැමිණ බලද්දී කාරණය සත්‍යයක් බව දැකගන්නට ලැබිණි.

ප්‍රතිමල්ලවයා සමග කිසිදු ගැටුමකට නොගිය හෙතෙම කෙළින්ම පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් දැම්මේ නීතියට සියල්ල බාර කරමිනි.

පැමිණිල්ලට අනුව දෙපාර්ශවයටම පොලීසියෙන් කැඳවීමක් ලැබිණි. ‘වැට අයිති මට. මගේ අවසරයක් නැතුව වැට මුලින්ම කපල මෙයා විකුණන්නයි ලෑස්ති. ‘‘වැට හිමියා තම පැමිණිල්ල ඉදිරිපත් කළේය. ‘සර්  වැටේ ගස් ඔක්කොම මගේ වත්තට නැමිලා. ඉර එළිය වැටෙන්නෙත් නැහැ. වදුල නිසා ගහක් කොළක් හදාගන්න බැහැ ‘වැට කැපූ ඉඩම් හිමියා නිදහසට කරුණු කීවේ තම කටයුත්ත සාධාරණීයකරණය කරමිණි.

‘ඉර එළිය වැටෙන්න තමන්ගේ පැත්තේ ගස් ටික කපන එකේ වැරැද්දක් නැහැ. ඒත් ඒ වෙනුවෙන්  වැටක් මුලින්ම කපන එක ලොකු වැරැද්දක්’ යැයි පවසමින්  පොලිස් නිලධාරියා කරුණු පැහැදිලි කර දුන්නේ දෙපැත්තටම සාධාරණයක් කරමිණි.

කැපූ වැට කොටසේ අලෙවියෙන් ලැබෙන මුදල වැට හිමියාට ගෙවීමේ පොරොන්දුව පිට පාර්ශවකරුවන් සිද්ධිය සමථයකට පත්කර ගත්තේ පොලිස් නිලධාරියාට පින්සිදුවන්නටය.



අදහස් (0)

ඉඩමට අව්ව එන්න අසල්වැසියාගේ මායිම් වැට දරට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 330 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 756 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 845 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 677 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1255 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 727 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 706 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site