IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා

(දූනගහ බටේපොළ විජයසිරි)
බස් නැවතුම්පොළේ මගීන් පිරී සිටියේ බස්රථ ප්‍රමාදය නිසාය. මේ අතරේ අධික ලෙස බීමත් පුද්ගලයෙක් අමාරුවෙන් බස් නැවතුම්පොළට පිවිසුණේය.


බීමත් තරමටත් වඩා වෙරි පෙන්වමින් සිටි ඔහු බිම ඇද වැටුණේය. විකාර කියවමින් බිම වැටුණු පුද්ගලයා සමාන්‍ය මගී ජනතාවට මහා හිරිහැරයක් විය.


බස් නැවතුමේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයකු පැමිණ බීමත් පුද්ගලයාට යම් අවවාදයක් කළද ඔහු එය ගණනකට ගත්තේ නැත.


මේ අවස්ථාවේ එහි පැමිණි අයකු ආරක්ෂායාට ඉංග්‍රීසියෙන් දොස් පවරන්නට විය. ‘‘ආරක්ෂකයන්ගේ වගකීම මෙවැනි අය පොදු ස්ථානවලට පැමිණීම වළකා ලීමයි. මහජනයාට කරදර කරන මොවුන් පොලිසියට භාර දිය යුතුයි.’’ ඔහුගේ කතාවේ සාරාංශය විය.


මේ සියල්ලටම ඇහුම්කන් දෙමින් සිට ආරක්ෂකයා අවසානයේ කීවේ ‘‘මහත්තයා ඔයා මට බැන්නට මට ඕව තේරෙන්නෙ නෑ. බනිනවා නම් සිංහලෙන් බනින්න’’යි කීවේය.

 



අදහස් (0)

ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site