IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමැති හමුවෙන්න බිරියගේ යට සාය අරන් ගිහින්

අසල්වැසියන්ට හොරා ඇමැතිවරයකු හමුවීමට කොළඹට ගිය කණ්ඩායමක සිටි නඬේ ගුරා ඇඳුම් පැටළිල්ලක් නිසා ගමන අවලංගු කර යළි ගමට පැමිණීමේ රසවත් පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි ගම් පියසකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


ගමේ පොදු කටයුත්තකි. එහෙත් එය සිදුවන තුරා ගමේ කිසිවෙකුටත් එය රහසක් විය. ඒ සඳහා කොළඹ අමාත්‍යාංශයක ඇමැතිවරයකු හමුවීමටද නියමිතව තිබිණි.


 ගමේ පිළිගත් පිරිසක් ද ඇමැති හමුවීමට යාමට සූදානම් විය. එහෙත් එය දැනගත්තේ එම නිවැසියන් පමණි. ගමේ කිසිවකු ඔවුන් ගිය වගක් නොදනී.


රාත්‍රී දුම්රියට ගොඩවීමට පහසු ඇඳුමකින් සැරසී ගිය ඔවුන් පසුදිනට අවශ්‍ය ඇඳුම්ද බෑගයක දමාගෙන ගම්වැසියන්ට නොදැනෙන ලෙසට තනි තනිව මහව දුම්රියපොළ වෙත ගියේ එතැනදී හමුවෙන අදහසින්ය.


සවස් යාමයේ දුම්රියපොළේදී එක් වූ පිරිස නිවෙස්වලින් පිළියෙළ කර ගත් ආහාර දුම්රියපොළේ සිට කෑමට ගැනීමෙන් අනතුරුව මහව දුම්රිය ස්ථානයට ළඟා වූ රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වූහ.


අලුයම් කාලයේ කොටුවෙන් බැසගත් පිරිස් එහි රැඳී මුහුණ කට සෝදා තම තමන් රැගෙන ගිය බෑග්වල තිබූ ඇඳුම් අඳින්නට සූදානම් විය.


පුදුමයකි. එකෙකු ගෙන ගොස් ඇත්තේ ජාතික ඇඳුම වෙනුවට බිරිඳගේ සුදුපාට යට සායකි. ඒ දුටු සියල්ලෝම අන්දුන් කුන්දුන් වූහ.


නිවසින් පිටත් වෙන මොහොතේ තවත් පිරිසක් එහි සිටි නිසා ඔවුනට නොදැනෙන්නට මෙන් අල්මාරියේ තිබූ සුදු ඇඳුම් අතරින් බිරිඳ වැරදීමකින් තම යට සාය බෑගයට දමා තිබේ.


කලිසම් අඳින්නන් අතරේ ජාතික ඇඳුම අඳින එකම තැනැත්තාද ඔහුය. ගමනට අවැසිම ඇමැතිගේ සගයාද ඔහුය. කළ යුතු දෙයක් නැත. ගමන පසුවට කල් තබන්නට විය. ඇඳගෙන ගිය ඇඳුම් වෙනුවට සියල්ලන් රැගෙන ගිය අලුත් ඇඳුම් මාරුකරගෙන ඇත. එහෙත් නඬේ ගුරා යට සාය යළිත් බෑගයට දමා පෙර දින සවස ඇඳගෙන ගියපු ඇඳුමෙන්ම බස්රථයක නැගී ගමට පැමිණ ඇතත් ගමට හොරා ගිය සිද්ධිය දැන් ගමටම ප්‍රසිද්ධ රහසක්ලු.
(මොරගොල්ලාගම - සිසිර කැලේගම)

 



අදහස් (1)

ඇමැති හමුවෙන්න බිරියගේ යට සාය අරන් ගිහින්

indika Friday, 19 July 2019 07:24 AM

ලොකුම ප්‍රශ්නය. ඇමතිතුමා ගමේ යන්නේ නැද්ද. ඡන්ද දායකයෝ කොළඹට යන්නේ?

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site