IMG-LOGO

ඇප වෙලා අලි අමාරුවක වැටිලා

‍කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා



හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය.
මෙහිදී මියගිය අයගේ වැඩිමහල් පුත්‍රයා වූ මෙම කතා නායකයා ප්‍රදේශයේ ඇති අවමංගල්‍ය ශාලාවක සහාය පැතුවේ මියගිය පියාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පෙට්ටිය ඇතුළු අනෙක් දෑ සපයා ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින ප්‍රභූවරයෙකුගේ පිහිටෙනි. මෙහිදී එකී ප්‍රභූවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් ඇපවන බවක් පමණකි.
මේ අතරතුර අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පෙට්ටිය ඇතුළු සියලු‍ම කළමනා මෙම පවුල වෙත ලබාදුන්නේ පෙරකී ප්‍රභූවරයාගේ ඇපවීම මත ණය පදනම මතය.
මෙම පුද්ගලයාගේ පියාණන්ගේ අවසන් කටයුතු ද අවසන් විය. දැන් අවමංගල්‍ය සංවිධායකවරුන්ට මෙම අවමංගල්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් තමන් වෙත අයවිය යුතු වූ මුදල ගැන හා හූවක් නැත. දිනක් මේ සම්බන්ධයෙන් විමසීමට අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා පෙරකී තැනැත්තාගේ නිවසට ගියේය. පසුව එම කළමනාකාරවරයා පවසා ඇත්තේ මෙම ප්‍රසිද්ධ චරිතයේ පියාගේ අවසන් කටයුතු සංවිධානය වෙනුවෙන් තම ආයතනයට මෙතරම් මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල අයකර ගැනීම සඳහා තමා පැමිණි බවත්ය.


ගතවූයේ නිමේෂයකි. මෙම ප්‍රසිද්ධ චරිතය මේ අවස්ථාවේදී අදාළ අවමංගල්‍ය ආයතනයේ කළමනාකරුට පවසා ඇත්තේ මෙම කාර්යය වෙනුවෙන් ඇපවූ පුද්ගලයා එම මුදල සම්බන්ධයෙන් බලාගන්නා බවයි. ඒ අවස්ථාවේ දී අවමංගල්‍ය ශාලාවේ කළමනාකාරවරයා වහාම අදාළ මෙම කටයුත්ත සඳහා ඇපවූ ප්‍රභූවරයා වෙත තම දුරකතනයෙන් ඇමතුමක් ගෙන මෙම කාරණාව ඔහුට සැල කළේය.
එවිට මෙකී ප්‍රභුවරයාට අන්දුන් කුන්දුන් විය. තමා කළේ උපකාරයක් මිස අනුන්ගේ ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක කළමනා වෙනුවෙන් වැයවූ බිල ගෙවීමට තමාට රුදාවක් නොමැති බවත් මෙම ප්‍රභූවරයා අරකී ප්‍රසිද්ධ චරිතයට මේ අවස්ථාවේදී දුරකතනය මගින් දන්වා තිබේ.
කාටත් දුකකදී වුවද පිහිටට එන මෙකි ප්‍රභූවරයා මෙම සිද්ධියෙන් පසු කිසිම කෙනෙකුට උදව් කිරීමට සූදානම් නොවූ අතර මෙම ප්‍රභූවරයා තම බිරිඳට සහ කිට්ටුවර හිතවතුන්ට පවසා ඇත්තේ තමන් විසින් ණය සහනය මත මෙම කටයුත්ත සිදුකර ගැනීමට ලබාදුන් ඇප පොරොන්දුව මත අදාළ ප්‍රසිද්ධ චරිතය තමන්ගේ කනෙන් රිංගන්නට සූදානම් වූ බවයි. අනේ කාලේ වනේ වාසේ යැයි කියමින් හෙතෙම දැන් කල් ගත කරන බව ද පැවසේ.



අදහස් (0)

ඇප වෙලා අලි අමාරුවක වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site